ප්රතිපත්ති පොළී අනුපාතික තවදුරටත් අඩුකෙරේ
ශ්රී ලංකා මහ බැංකුව සිය ප්රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට තිරණය කර තිබෙනවා.
ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් ප්රතිපත්ති මණ්ඩලය ඊයේ පැවති රැස්විමේදී මෙම තීරණය ගෙන තිබෙනවා.
සියයට පහක ඉලක්ක ගත මට්ටමේ උද්දමනය පවත්වාගනිමින් ආර්ථිකයට අදාළ ඉලක්කයන් කරා ළගා වීමට හැකි පරිදී ජාත්යන්තර ආර්ථිකය තක්සේරු කරමින් මහබැංකුව මෙම තීරණය ගෙන තිබෙනවා.
ඒ අනුව නිත්ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්ය ණය පහසුකම් ණය අනුපාතිකය පිළිවෙලින් සියයට අටයි දශම පහ සහ සියයට නවයයි දශම පහ දක්වා අඩු කිරීමට ප්රතිපත්ති මණ්ඩලය තීරණය කර තිබෙනවා.
The post ප්රතිපත්ති පොළී අනුපාතික තවදුරටත් අඩුකෙරේ appeared first on ITN News.