මදන මෝදක ගුලි තොගයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට
තීරුබදු නොගෙවා මෙරටට හොර රහසේ ගෙන්වන ලද දුම්වැටි තොගයක් සහ ගංජා මිශ්ර මදන මෝදක ගුලි තොගයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (25) දින වැල්ලවාය පොලිස් වසමේ 02 කණුව, වැල්ලවාය ප්රදේශයේ දී විශේෂ වැටලීමක් සිදුකර ඇත.
එහි දී තීරුබදු නොගෙවා මෙරටට ගෙන්වන ලද දුමිවැටි 500 ක් සහ ගංජා මිශ්ර මදන මෝදක ගුලි 2,425 ක් අලෙවි කිරිම සඳහා සන්තකයේ තබාගෙන සිටි ඇල්ලපාර, වැල්ලවාය ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 41 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැල්ලවාය පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.
The post මදන මෝදක ගුලි තොගයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට appeared first on ITN News.