බෝඅඕ ආසියා සංසදයේ 2024 වාර්ෂික සමුළුව ඇරඹේ
බෝඅඕ ආසියා සංසදයේ 2024 වාර්ෂික සමුළුව අද (26) ආරම්භ විය.
“ආසියාව හා ලෝකය: පොදු අභියෝගයන්, පොදු වගකීම්” යන තේමාවෙන් පැවැත්වෙන මෙවර සමුළුවේදී දින හතරක් පුරා 40 කට වැඩි උප සංසද ක්රියාකාරකම් ද සංවිධානය කෙරේ.
අද(26) පෙරවරුවේ බෝඅඕ ආසියා සංසදයේ 2024 වාර්ෂික සමුළුවේ ආරම්භක මාධ්ය හමුව පැවැත්විණ.
මෙවර සමුළුවට එක්වූ ප්රධාන අමුත්තන්, සමුළුවේ ක්රියාකාරකම් පිළිබඳ තොරතුරු එහිදී ප්රකාශ කෙරිණ.
“ආසියා ආර්ථිකයේ ඉදිරි දැක්ම හා ඒකීයකරණ ක්රියාදාමයේ 2024 වාර්ෂික වාර්තාව” සහ “තිරසර සංවර්ධනය සඳහා ආසියාව හා ලෝකයේ 2024 වාර්ෂික වාර්තාව” යන ප්රධාන වාර්තා දෙකක් ද නිකුත් කෙරිණ.
අද පස්වරුවේ සමුළුවට එක් වන දෙස් විදෙස් අමුත්තන් “ආසියාවේ අනාගතය වෙනුවෙන් ආයෝජනය කිරීම”, “වෙළඳාම ඛණ්ඩනය වීම අවම කිරීම ”යන කරුණු පිළිබඳව එහිදී සාකච්ඡා කිරීමට නියමිතය.
The post බෝඅඕ ආසියා සංසදයේ 2024 වාර්ෂික සමුළුව ඇරඹේ appeared first on ITN News.