පුපුරණද්රව්ය තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
පුපුරණද්රව්ය තොගයක් සමඟ සැකකරුවෙකු තණමල්විලදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තණමල්විල පොලිසියේ නිලධාරීන් පිරිසක් සිදුකළ වැටලීමකදී පුපුරණද්රව්ය සමග මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා.
පුපුරණද්රව්ය ග්රෑම් 970ක් සහ ඩෙටනේටඩ් 80 ක් මෙන්ම වියළි ගංජා ග්රෑම් 120ක් ද සැකකරු සන්තකයේ තිබී සොයාගත් බවයි පොලිසිය සදහන් කළේ.
තණමල්විල ප්රදේශයේම පදිංචි කරුවෙකු වන අතර ඔහු මෙම පුපුරණද්රව්ය සන්තකයේ තබාගෙන සිටියේ කුමන හේතුවක් නිසා ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලිසිය පවසන්නේ.
The post පුපුරණද්රව්ය තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට appeared first on ITN News.