ලක්ෂ 40ක් වටිනා ජීවී සතුන් තායිලන්තයේ සිට ගෙන ආ යුවළක් අත්අඩංගුවට
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් ලක්ෂ 40ක් පමණ වටිනා ජීවී සතුන් 88 දෙනෙකු රේගු නිලධාරීන් සොයා ගත්තා. එම සතුන් රැගෙන ආ තරුණ ව්යාපාරික යුවලක් ද අත්අඩංගුවට ගැණුනා.
තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් ඔවුන් මෙම සතුන් මෙරටට රැගෙන විත් තිබුණා.
ඉබ්බන්, ගෙම්බන්, මාළු, ඉත්තෑවන්, ලේනුන්, කැස්බෑවන්, කටුස්සන්, හැම්ස්ටර්, සැලමැන්ඩා, පනුවන් විශේෂයක් සහ මීයන් තොගයකුයි මෙලෙස ගෙනැවිත් තිබුණේ.
අවිස්සාවේල්ල පුවක්පිටිය ප්රදේශයේ පදිංචි මෙම යුවල අවස්ථා කීපයකදී මෙම ජාවාරම සිදුකර ඇති බවටයි හෙළිවී තිබෙන්නේ.
මෙම සතුන් වැඩිදුර විමර්ශන සදහා ගුවන්තොටුපල සත්ව නිරෝධායන ආයතනය වෙත භාරදී තිබෙනවා.
The post ලක්ෂ 40ක් වටිනා ජීවී සතුන් තායිලන්තයේ සිට ගෙන ආ යුවළක් අත්අඩංගුවට appeared first on ITN News.