චීන රජයෙන් රුපියල් කෝටි 400 ක ජල පර්යේෂණ මධ්යස්ථානයක් පේරාදෙණිය විශ්ව විද්යාලයට
රුපියල් කෝටි 400ක් වැය කරමින් ඉදිකළ දකුණු ආසියාවේ විශාලතම ජල පර්යේෂණ ආයතනය පේරාදෙණිය විශ්වවිද්යාලය වෙත පැවරීම අද සිදුකෙරුණා.
චීන රජයේ මූල්ය පරිත්යාග මත පේරාදෙණිය විශ්වවිද්යාල භූමියේ ඉදිකෙරුණු ජල පර්යේෂණ හා විද්යා තාක්ෂණ පර්යේෂණ ආයතනය චීන ශ්රී ලංකා පර්යේෂණ මධ්යස්ථානය ලෙස නම්කර තිබෙනවා.
එය පේරාදෙණීය විශ්ව විද්යාලය වෙත පැවරීම සිදුකෙරුණේ චීන විද්යා ඇකඩමියේ උප සභාපති ජ්යෙෂ්ඨ මහාචාර්ය මිංග් යැන්ග්, පේරාදෙණිය විශ්වවිද්යාලයේ උප කුලපති මහාචාර්ය එම් ඩී ළමාවංශ යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන්.
මෙම පර්යේෂණ මධ්යස්ථානයේ අධ්යක්ෂවරයා ලෙස ක්රියා කරන්නේ ආචාර්ය සුචිත්රක වේරගොඩ මහතායි.
මේ තුළින් ජලය සම්බන්ධ සියලුම පර්යේෂණ මෙන්ම පස්, වායු ගෝලය, පාරිසරික දූෂණ, සෞඛ්ය ගැටලු ඇතුළු ක්ෂේත්ර රැසක් පිළිබද පර්යේෂණ සිදුකෙරෙනවා.
විශ්වවිද්යාල සිසුන්ට පමණක් සීමා නොවී උසස් පෙළ පාසල් සිසුන්ට උසස් අධ්යාපනය හදාරණ සිසුන් මෙන්ම පර්යේෂණවල නියැලෙන්නන්ට ද මෙම මධ්යස්ථානය තුළින් පහසුකම් සළසා ගත හැකියි.
ජලය සම්බන්ධයෙන් වන සියලුම ගැටලුවලට විද්යාත්මක පර්යේෂණ තුළින් පිළිතුරු ලබාදීම මෙම මධ්යස්ථානයෙන් සිදුවන විශේෂ සේවාවක්.
The post චීන රජයෙන් රුපියල් කෝටි 400 ක ජල පර්යේෂණ මධ්යස්ථානයක් පේරාදෙණිය විශ්ව විද්යාලයට appeared first on ITN News.