විල්ගමුව පොලිස් ස්ථානයේ ගිනි අවියක් අතුරුදන්
මාතලේ විල්ගමුව පොලිස් ස්ථානයේ ප්රධාන ගේට්ටුවේ රාත්රී සේවා මුරයේ සිටි පොලිස් කොස්තාපල්වරයෙකුගේ ටී56 වර්ගයේ ගිනි අවිය කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇති බව විල්ගමුව පොලීසිය පවසනවා.
අද අලුයම දෙකට පමණ අදාළ පොලිස් කොස්තාපල්වරයාගේ ගිනි අවිය පැහැරගෙන ගොස් ඇති බවටයි හෙලිව තිබෙන්නේ.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීමට පොලිස් කණ්ඩායම් තුනක් යොදවා සිටිනවා.
අපරාධ කල්ලියක් විසින් කිසියම් අපරාධයක් සදහා මෙය පැහැරගත්තේ ද යන්න පිළබද පරීක්ෂණ සිදුකරන බවයි පොලීසිය පවසන්නේ.
The post විල්ගමුව පොලිස් ස්ථානයේ ගිනි අවියක් අතුරුදන් appeared first on ITN News.