තිළිණ ගමගේ ඝාතන තැතක් ගැන පරීක්ෂණ
කොටුව මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කඩිනම් විමර්ශන සිදුකරන ලෙස අමාත්ය ටිරාන් අලස් මහතා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට උපදෙස් ලබාදී තිබෙනවා.
කොටුව මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා ඝාතනය කිරීමට T 81 ග්රෙෙන්ට් දුරවිදිනයක් යොදා ගනිමින් නාදුනන තුවක්කු කරුවෙකු එල්ල කරන ලද ප්රහාරයක් සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වන ලෙසයි අමාත්යවරයා පොලිස්පතිවරයාට මෙලෙස උපදෙස් ලබාදී තිබෙන්නේ.
ඔත්තුකරුවෙකු විසින් යොමුකරන ලද ලිපියකට අනුව මෙම ඝාතන උත්සායට අදාළ තොරතුරු රැසක් අනාවරණය වී ඇති අතර මේ සම්බන්ධයෙන් මේ වන විටත් විශේෂ පරික්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අප කළ විමසීමකදී සදහන් කළා.
මහේත්ත්රාත් තිළිණ ගමගේ මහතා ඝාතනය කිරීමට සූදානම් වන පුද්ගලයා ලෙස සැකකෙරෙන තැනැත්තෙකු, තවත් පුද්ගලයෙකුගෙන් ගිනි අවියක් ලබා ගැනීමට උත්සාහ කර ඇති අතර අදාළ ගිනි අවිය ඔහු ලබා ගන්නේ තිළිණ ගමගේ මහතා ඝාතනය කිරීමට බවද එම පුද්ගලයා සදහන් කර තිබෙනවා.
තිළිණ ගමගේ මහතා පසුගිය දිනවල ලබාදුන් අධිකරණ තීන්දු මේ සදහා හේතුවී ඇති බවටයි වාර්තා වන්නේ. එවැනි ඝාතනයක් සිදු වුවහොත් නීතිය හා සාමය අමාත්යවරයා සහ පොලිස්පතිවරයා එක්ව ගෙන යන යුක්තිය මෙහෙයුමට දැඩි පහරක් එල්ලවන බවත් ඒ තුළින් අදාළ මෙහෙයුම අඩාල කර අපකීර්තියට ලක්කිරීම මෙහි තවත් අරමුණක් බවත් ඔත්තුකරු විසින් සදහන් කර තිබෙනවා.
The post තිළිණ ගමගේ ඝාතන තැතක් ගැන පරීක්ෂණ appeared first on ITN News.