ට්රම්ප්ගේ සමස්ත වත්කම් ප්රමාණය
ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ සමස්ත වත්කම් ප්රමාණය ඇමෙරිකා ඩොලර් බිලියන 6.5 ඉක්මවා තිබෙනවා.
ඇමෙරිකා හිටපු ජනාධිපතිවරයාගේ වත්කම් ප්රමාණය ඇමෙරිකා ඩොලර් බිලියන 6.5 ඉක්මවා යාමත් සමග ඔහු ලොව ධනවත්ම පුද්ගලයින් 500 දෙනා අතරට ඇතුළත්වන බවයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සදහන් කරන්නේ.
දේපළ වෙළදාම් අංශය මූලික කර ගනිමින් ව්යාපාරිකයෙකු ලෙස ප්රසිද්ධියට පත් ඩොනල්ඩ් ට්රම්ප්ගේ වැඩිම වත්කම් ප්රමාණය ලෙස මීට පෙර සටහන්ව තිබුණේ ඇමෙරිකා ඩොලර් බිලියන 3.1ක්.
77 හැවිරිදි ඩොනල්ඩ් ට්රම්ප්ගේ 2017 – 2021 ජනාධිපති ධුරකාලය තුලදී ඔහුගේ වත්කම් සංචිත ප්රමාණය සැලකිය යුතු ලෙස පහළ බැස තිබුණා.
කෙසේ වුවද සමාජ මාධ්ය සමාගමක් ආරම්භ කිරීම ඇතුළු නව ව්යාපාර හරහා පසුගිය කාලය තුලදී ඔහුගේ වත්කම් ප්රමාණය ඩොලර් බිලියන 4කින් පමණ ඉහළ ගොස් ඇති බවයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සඳහන් කරන්නේ.
The post ට්රම්ප්ගේ සමස්ත වත්කම් ප්රමාණය appeared first on ITN News.