How can Sri Lankan charities find international donors and partners?

නීතිය සහ සාමය ස්ථාපිත කිරීම මානව හිමිකම් කඩකිරීමක් නොවේ – ජනපති

- itnnews.lk

අරගලය මුවාවෙන් ප්රචණ්ඩත්වය වැපිරූ පිරිසගෙන් එදා පාර්ලිමේන්තුව, අග්රාමාත්ය කාර්යාලය සහ ජනාධිපති කාර්යාලය ඇතුළු රාජ්ය දේපළ බේරා ගනිමින් රට තුළ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට තමා ගත් පියවර මානව හිමිකම් කඩකිරීමක් ලෙස පෙන්වා දීමට ඇතැමුන් උත්සාහ කළද එදා එම පියවර නොගත්තා නම් අද රට තුළ මෙලෙස ආර්ථික ස්ථාවරත්වයක් ගොඩනැගීමට හැකි නොවනු ඇති බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා.

අසීරු සහ අමිහිරි යුගයක් පසු කර රටක් ලෙස ඉදිරියට යන ගමනේදී නීතිය හා සාමය කඩවීමට ඉඩ නොතැබිය යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා සෑම ක්ෂේත්රයක් තුළම නීතිය සහ සාමය ආරක්ෂා කිරීමට සියලු පාර්ශ්වයන්ට වගකීමක් පැවරී ඇති බව ද පෙන්වා දුන්නා.

ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ විශ්වවිද්යාල ආචාර්යවරු සමඟ ඊයේ (25) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදීයි.

රට තුළ වත්මන් ආර්ථික වැඩපිළිවෙළ සහ ඒ සඳහා විශ්වවිද්යාල ආචාර්යවරුන්ගේ අදහස් සහ යෝජනා පිළිබඳ සාකච්ඡා කිරීම වෙනුවෙන් හිටපු අධ්යාපන අමාත්ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් මෙම හමුව සංවිධානය කර තිබුණා.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ රටට නව අධ්යාපන ක්රමයක් හඳුන්වා දීමට රජය කටයුතු කරමින් සිටින අතර අග්රාමාත්ය ලේකම්වරයාගේ ප්රධානත්වයෙන් ඒ සඳහා කමිටුවක් ද පත් කර ඇති බවයි.

විභාග බර අඩු කරමින් පාසල් අධ්යාපනයේ සිදු කළ යුතු වෙනස්කම් පිළිබඳ රජයේ අවධානය යොමුව තිබෙන බව පැවසූ ජනාධිපතිවරයා විශ්වවිද්යාල පද්ධතියේද පරිවර්තන රැසකට මුල පුරා තිබෙන බවත් එළැඹෙන මැතිවරණයෙන් පසු නව පාර්ලිමේන්තුවක් යටතේ එම වැඩපිළිවෙළ ක්රියාත්මක කරන බවත් ප්රකාශ කළා

මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම වෙනුවෙන් සියලුදෙනාගේ සහයෝගය අවශ්ය බව පැවසූ ජනාධිපතිවරයා 2035 වන විට දියුණු අධ්යාපන ක්රමයක් රට තුළ ඇති කිරීම තම අරමුණ බවද සඳහන් කළා

මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට විශ්වවිද්යාල පද්ධතිය තුළ යහපත් වාතාවරණයක් තිබිය යුතු බවද පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විශ්වවිද්යාල පාලනය බාහිර පාර්ශ්වයකට පවරනවාද එම තත්ත්වය වෙනස් කර විශ්විවද්යාල පද්ධතිය තුළ නව වාතාවරණයක් ඇති කරනවාද යන්න විශ්වවිද්යාල තුළින්ම තීරණය කළයුතු බවද පෙන්වා දුන්නා

මෙහිදී විශ්වවිද්යාල ආචාර්යවරු මතුකළ ප්රශ්න කිහිපයක් සහ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඒවාට ලබාදුන් පිළිතුරු පහතින්

ප්රශ්නය
ව්යවසායකත්ව අධ්යාපනය පිළිබඳ ලෝකයේ බොහෝ රටවල ප්රමුඛ අවධානයක් යොමු කර තිබෙනවා. එබැවින් අප රට තුළ ද ව්යවසායකත්ව අධ්යාපනය අනිවාර්යය කිරීමට කටයුතු කරන ලෙස යෝජනා කරනවා.
පිළිතුර
විශ්වවිද්යාල විෂය මාලාවන් තුළ සිදු කළ යුතු ප්රායෝගික වෙනස්කම් පිළිබඳ මේ වන විට රජයේ අවධානය යොමුව තිබෙන බව ප්රකාශ කිරීමට කැමතියි. ඒ සඳහා මේ වන විට කමිටු කිහිපයක්ම පත් කර තිබෙනවා. මෙහිදී විශ්වවිද්යාල ආචාර්යවරුන්ට ද විශාල වගකීමක් පැවරී තිබෙනවා.

ප්රශ්නය
විශ්වවිද්යාල අධ්යාපනය විධිමත් කිරීමට නම් රටේ නීතිය විශ්වවිද්යාල තුළ ක්රියාත්මක වීම අවශ්ය බව ප්රකාශ කිරීමට කැමතියි.
පිළිතුර
එය තනිව ආණ්ඩුවට පමණක් කළ නොහැකියි. එය සියලු දෙනා එක්ව සිදු කළයුතු කාර්යයක්. නමුත් අනිත් අය නිශ්ශබ්දව සිටීම කණගාටුවට කරුණක්. 1980 දශකයේඇති වූ ක්රමය නිසයි මෙය සිදු වුණේ. නැවත වතාවක් අපට මෙම තත්ත්වයට යාමට නොහැකියි. ඒ නිසා අලුත් රටට ගැළපෙන අලුත් අධ්යාපන ක්රමයක් අප කඩිනමින් ඇති කළයුතුයි. ඒ සඳහා සියලුදෙනාගේ සහාය අවශ්යයි. විශ්වවිද්යාලයට සිසුවෙකු ඇතුළත් කර වසර හතරකින් උපාධිය ලබා ගැනීම පමණක් නොවයි. විශ්වවිද්යාලය තුළ වාද විවාද කිරිමට ද අවස්ථාව තිබිය යුතුයි. අතීතයේ දේශපාලනඥයන් විශ්වවිද්යාලවලට පැමිණ සාකච්ඡා පැවැත්වුවා. අද එවැනි පරිසරයක් විශ්වවිද්යාල තුළ දකින් නැහැ. අප නැවත ඒ තත්ත්වය ඇති කළ යුතුයි.

හිටපු අමාත්ය අකිල විරාජ් කාරියවසම්, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ආශු මාරසිංහ යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා

The post නීතිය සහ සාමය ස්ථාපිත කිරීම මානව හිමිකම් කඩකිරීමක් නොවේ – ජනපති appeared first on ITN News.

You may also like

- adaderana.lk

The Court of Appeals ordered a petition filed seeking to invalidate the recent order issued by the Colombo District Court preventing Minister Wijeyadasa Rajapakshe from functioning as the Acting Chairman of Sri Lanka Freedom Party (SLFP), to be taken up for consideration on May 02.

- adaderana.lk

Two accused who were found guilty of attacking a person to death with a sharp weapon in the Gas Paha Junction area in Colombo around 22 years ago, have been sentenced to death by court.

- adaderana.lk

Three individuals from the Pahala Karannagoda area of Warakagoda in Kalutara, have died due to a sudden illness after consuming illicit liquor.

- onlanka.com

An associate of the organized criminal Maddumage Lasantha Chandana Perera, also known as ‘Angoda Lokka,’ was apprehended at Bandaranaike International Airport (BIA) in Katunayake.The post Key associate of ‘Angoda Lokka’ apprehended at BIA with forged passport appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

- onlanka.com

The Indian Coast Guard (ICG) confiscated 86 kg of suspected heroin valued at INR 6.02 billion from a Pakistani boat, which was heading to Sri Lanka.The post Indian Coast Guard seize 86kg drugs from Pakistan boat heading to Sri Lanka appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

- adaderana.lk

Police have arrested a Software Engineer along with several types of drugs including Hash and Kush Cannabis which have been smuggled to Sri Lanka from Italy.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc