How can Sri Lankan charities find international donors and partners?

රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ “එම්. එච්. ඔමාර් විශේෂිත අක්මා රෝග ප්රතිකාර මධ්යස්ථානය” ජනපති අතින්...

- itnnews.lk

මෙරට ජනතාවට උසස් තත්ත්වයේ සෞඛ්ය සේවාවක් සැපයීම සහතික කරමින් රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ පිහිටි අක්මා රෝග සඳහා වන මධ්යස්ථානයේ ස්ථාපිත කෙරුණු “එම්. එච්. ඔමාර් විශේෂිත අක්මා රෝග ප්රතිකාර මධ්යස්ථානය” අද (26) පස්වරුවේ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් විවෘත කෙරුණා.

උතුරු කොළඹ ශික්ෂණ රෝහල වෙත පැමිණි ජනාධිපතිවරයාව පිළිගැනීමට එම රෝහලේ සිදුකළ සාර්ථක අක්මා ශල්යකර්මයක් තුළින් සුවය ලැබූ දැරියක එක්ව සිටීම විශේෂත්වයක්

ශ්රී ලංකාවේ දරුවන් සහ වැඩිහිටියන් අතර නිදන්ගත අක්මා රෝග ව්යාප්තිය ඉහළ යමින් පවතී. අක්මාව අකර්මණ්ය වීම සඳහා ඇති එකම ඵලදායී ප්රතිකාරය වන්නේ අක්මාව බද්ධ කිරීමේ ප්රතිකර්මයයි.

මෙම සංකීර්ණ අක්මා රෝග වෙනුවෙන් ප්රතිකාර කිරීම සඳහා ඒ පිළිබඳ විශේෂඥ දැනුම සහ ඒ සඳහාම විශේෂිත වූ මිලෙන් අධික උපකරණ අවශ්ය වනවා

අක්මා බද්ධ කිරීමේ ප්රතිකර්මයක් සාර්ථකව සිදු කිරීමට හැකිවීම රටක සෞඛ්ය සේවාවේ වර්ධනයේ දර්ශකයකි. උතුරු කොළඹ අක්මා රෝග සඳහා වන මධ්යස්ථානය, පශ්චාත් උපාධි පුහුණුව ලබාදීම සඳහා ක්රියාත්මක වන මධ්යස්ථානයක් ලෙස පවත්වාගෙන යන අතර අක්මා රෝග සම්බන්ධයෙන් උසස් තත්ත්වයේ පර්යේෂණ සිදු කරමින් ශ්රී ලංකාවේ අක්මා පිළිකා සඳහා පවතින ප්රතිකාර පිළිබඳ විශාලතම දත්ත ගබඩාව ද මෙම මධ්යස්ථානය භාරයේ පවත්වාගෙන යයි.

එම්. එච්. ඕමාර් පදනම මෙම අක්මා රෝග විශේෂිත ප්රතිකාර මධ්යස්ථානය ඉදිකිරීම සඳහා රුපියල් බිලියන දෙක හමාරක මුදලක් පරිත්යාග කර තිබේ. එය ශ්රී ලංකාවේ සෞඛ්ය සහ අධ්යාපන සේවා වෙත මෙරට ව්යවසායකයෙකු විසින් සිදුකළ විශාලතම පරිත්යාගය වන අතර එම්. එච්. ඕමාර් මහතා මෙරට ප්රකට බ්රැන්ඩික්ස් සමූහ ව්යාපාරයේ නිර්මාතෘවරයායි.

සමරු ඵලකය නිරාවරණය කර එම්. එච්. ඔමාර් විශේෂිත අක්මා රෝග ප්රතිකාර මධ්යස්ථානය” විවෘත කළ ජනාධිපතිවරයා එහි පහසුකම් නිරීක්ෂණය කිරීමට ද එක්වුණා

මෙම අවස්ථාව සනිටුහන් කරමින් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා එහි තැන්පත් කර තිබූ විශේෂ අමුත්තන්ගේ සමරු ග්රන්ථයේ සටහනක් ද තැබීය.

අනතුරුව පැවති උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඕමාර් පවුල විසින් සිදු කරන ලද මෙම අද්විතීය පරිත්යාගය සහ බ්රැන්ඩික්ස් ව්යාපාරය තුළින් මෙරට ආර්ථිකයට ලබා දෙන දායකත්වය ඇගයීමට ලක් කළා

අක්මා බද්ධ කිරීමේ ශල්යකර්ම සඳහා කලාපයේ හොඳම රටක් බවට අද ශ්රී ලංකාව පත්ව ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම කණ්ඩායම විසින් රටට ලබා දෙන කීර්තිනාමය වෙනුවෙන් සිය ස්තූතිය පළ කළා
එසේම මෙරට සෞඛ්ය ක්ෂේත්රයේ පරිවර්තනීය වෙනසක් වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී පිරිස දැනුවත් කළා

ළදරු මරණ සහ මාතෘ මරණ අනුපාත සම්බන්ධයෙන් සංඛ්යාලේඛනාත්මක වශයෙන් අප රට හොඳම ස්ථානයක පසුවන බවත්, කොවිඩ් වසංගතය පැවති කාල වකවානුවේදී සහ ඊට පසු ඇති වූ ආර්ථික අර්බුදකාරී සමයෙන් පසුවත් ශ්රී ලංකාවට ශක්තිමත් නැගී සිටීමට හැකියාව ලැබී තිබෙන බවත් මෙහිදී අදහස් දැක්වූ සෞඛ්ය හා කර්මාන්ත අමාත්ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේය.උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ මෙම පහසුකම් වෙනුවෙන් රුපියල් බිලියන 2.5 ක පමණ විශාල මුදලක් පරිත්යාග කළ එම් එච් ඕමාර් මහතා සහ එම පවුල ස්තූතිවන්ත වන බවද අමාත්යවරයා පැවසීය.

උසස් අධ්යාපන රාජ්ය අමාත්ය සුරේන් රාඝවන්, ඕමාර් පවුල වෙනුවෙන් එම්. එච්. ඕමාර් මහතාගේ මුණුපුරු බ්රැන්ඩික්ස් සමූහ ව්යාපාරයේ අධ්යක්ෂ හසිබ් ඕමාර් මහතා, කැලණිය විශ්වවිද්යාලයේ උපකුලපති මහාචාර්ය නිලන්ති ද සිල්වා, සෞඛ්ය අමාත්යාංශයේ ලේකම් පී. ජී. මහීපාල, සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්ය අසේල ගුණවර්ධන, උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්ය සම්පත් රණවීර, සෞඛ්ය අමාත්යාංශයේ නිලධාරීන්, විශ්වවිද්යාල ආචාර්යවරුන්, වෛද්යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්ය කාර්ය මණ්ඩලයේ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටිය.

 

The post රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ “එම්. එච්. ඔමාර් විශේෂිත අක්මා රෝග ප්රතිකාර මධ්යස්ථානය” ජනපති අතින් විවෘත කෙරේ appeared first on ITN News.

You may also like

- adaderana.lk

The Ministry of Defence states that an operation has been launched in order to arrest the individuals who are involved in directing retired Sri Lankan Army soldiers to join Russian or Ukraine forces by illegal means.

- adaderana.lk

The Supreme Court on Wednesday (May 08) declared that State Minister Diana Gamage is not legally qualified to hold a parliamentary seat.

- adaderana.lk

Australia said on Wednesday it would raise the amount of savings international students will need to get a visa and warned several colleges of fraudulent student recruitment practices, as part of efforts to rein in record migration.

- onlanka.com

Sri Lanka’s Ministry of Defence has learned that a number of retired war veterans, who dedicated their lives to defending the country during the 30-year-long terrorist war, have fallen victim to a scheme orchestrated by illegal foreign job agents.The post Sri Lanka’s Ministry of Defence exposes exploitation of war veterans as overseas mercenaries appeared first on Sri Lanka News | Breaking N...

- onlanka.com

Sri Lanka Podujana Peramuna (SLPP) founder Basil Rajapaksa reiterated yesterday (May 7) that his party insists on holding the general election before the presidential elections.The post Basil Rajapaksa urges General Election first, while President focuses on Presidential Polls appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

- onlanka.com

Former Provincial Councillor Nauzer Fowzie, the son of the former Minister A.H.M. Fowzie, has been arrested by Kollupitiya Police on charges of assault following an accident involving his vehicle, the police said.The post A.H.M. Fowzie’s son Nauzer Fowzie arrested appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc