චීනය ලංකාවට දුන් පොරොන්දුව
ශ්රී ලංකාවේ ණය ප්රතිව්යුහගත කිරීමේ ක්රියාවලියට චීනය අඛණ්ඩව සහය වන බවත් ශ්රී ලංකාවේ ආර්ථිකය දියුණු කිරීමට සහාය වන බවත් චීන අග්රාමාත්ය ලි කියැන් (Li Qiang) අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතාට සහතික වී තිබෙනවා.
2024.03.26 දින බීජිං හි පැවති ඉහළ පෙළේ ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී චීන අග්රාමාත්යවරයා ආර්ථික පසුබෑමකින් පසු ශ්රී ලංකාව අත් කරගත් ආර්ථික ප්රගතිය අගය කළා.
“චීනය සහ ශ්රී ලංකාව අතර මිත්රත්වය ශක්තිමත් කිරීම සඳහා ඔබ සහ ඔබේ පවුලේ අය අඛණ්ඩව කටයුතු කළා” යනුවෙන් පවසමින් අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත ඔහු සිය කෘතඥතාව පළ කර තිබෙනවා.
ශ්රී ලංකාව ‘එක් චීනයක්’ ප්රතිපත්තිය අඛණ්ඩව අනුගමනය කරන බවත් ජාත්යන්තර සමුළුවලදී චීනයට සහාය දක්වන බවත් ඔහු පෙන්වාදුන් බව සඳහන්.
කටුනායක ජාත්යන්තර ගුවන්තොටුපළ, හම්බන්තොට වරාය සහ කොළඹ වරාය නගරය සංවර්ධනය කිරීම සඳහා තම රට සහාය දෙන බව අග්රාමාත්ය ලි කීයැන් පැවසීය. ශ්රී ලංකාවේ ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීභාවය වෙනුවෙන් පෙනී සිටීම සහ ජාත්යන්තර දේශපාලන ප්රශ්න හෝ ආර්ථික ගැටලුවලට මුහුණ දෙන විට ශ්රී ලංකාවට සහාය දැක්වීම සම්බන්ධයෙන් අග්රාමාත්ය ගුණවර්ධන මහතා චීනයට ස්තූතිය පළ කර සිටියා
The post චීනය ලංකාවට දුන් පොරොන්දුව appeared first on ITN News.