කැඳ විකුණා ක්රීඩා පිටියක් හැදූ විදුහල්පති
කැඳ විකුණා ක්රීඩා පිටියක් හැදූ අපූරු විදුහල්පතිවරයෙක් පිළිබඳ පුවතක් ගාල්ල ඉමදුවෙන් වාර්තා වෙනවා.
ඒ අපූරු විදුහල්පති ගාල්ල ඉමදුව පරගොඩ විද්යාලයේ විදුහල්පති ඒ.ජී පත්මසිරි මහතායි.
විදුහල්පති ඒ.ජී පත්මසිරි මහතා විශ්රාම යාමේ උත්සවයද පසුගියදා ඒ ක්රීඩා පිටියේදීම අභිමානවත්ව පැවැත්වුණා.
ඊට කහද පූර්වාරාම විහාරාධිපති විශ වෛද්ය විශේෂඥ අතිපූජ්ය පොල්හේනේ ජිනසිරි, වල්පොල සදුන් විහාරය ඇතුළු පංචමහා විහාරාධිපති පොල්හේන ජිනසිරි යන නාහිමිවරුන් ඇතුළු ප්රධාන මහා සංඝරත්නය, ආරාධිතයන් දෙමාපියන් ආචාර්යමණ්ඩලය, ආදිශිෂ්යයන් පාසලේ දූ දරුවන් ඇතුළු දහසකට අධික පිරිසක් විදුහල්පතිවරයාට සුභ පැතීමට එක්ව සිටියා.
උත්සව සභාව අමතමින් මීට වසර 10කට පෙර පාසල භාර ගන්නා අවධිය හා වර්ථමාන පාසල ගැන විදුහල්පතිවරය මෙලෙස අදහස් දැක්වූවා.
“මම වශීකරවන කෙනෙක් නෙවෙයි.
පාසලට සම්බන්ධ හැමෝටම උණක් හැදුවා.
ගොඩනැගිලි දෙකක් විතරක් එක්ක වැහෙන්න ගිය පාසල අද ගොඩනැගිලි අටක්, පිවිසුම් මාර්ගයක්, පුස්තකාල , බුදුමැදුර එලිමහන් පන්ති කාමර ක්රීඩා පිටියක්ද සමග ලක්ෂ 800ක වත්කමක් පාසලට ලබා දුන්නේ කිසිදු රජයේ මැදිහත් වීමක් නොමැතිව,
දේශපාලකියින් හදපු ගොඩනැගිලි 40ක් විතර.
ඒවා නොපෙනෙන ගොඩනැගිල්ලි
විශ්රාම වැටුපත් නවත්වනවා කිව්වා.
කෝටි අටක දේපළක් හදපු එක තමයි මම කළ වැරැද්ද.”
විදුහල්පතිවරයාගේ සුන්දර කතාවේ අසුන්දර ගමන මනාව පැහැදිලි කළේ වටිනා ආදර්ශමත් විදුහල්පති භූමිකාවේ විශ්රාම යාම රටටම ආදර්ශයක් එක් කරමින්.
The post කැඳ විකුණා ක්රීඩා පිටියක් හැදූ විදුහල්පති appeared first on ITN News.