පාස්කු ප්රහාරයේ තවත් රහසක් එළියට
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරයෙන් පසුව ජනාධිපතිවරායගේ නියෝග මත ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පොලිස් භාරයට ගැණුනු දෙහිවල සහ බේරුවල ප්රදේශවල සුඛෝපභෝගී නිවාස දෙක අල්කයිඩා හා ජාතික තවුහිද් ජමාත් සංවිධානවල ත්රස්ත ක්රියාකාරකම් සඳහා යොදා ගෙන ඇති බවට කරුණු අනාවරණය වී ඇති බව නීතිපතිවරයා ඊයේ ශ්රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.
කරුණු සලකා බැලු ත්රිපුද්ගල විනිසුරු මඩුල්ල අදාළ නිවාස පවරා ගැනීමට ජනාධිපතිවරයා විසින් ගනු ලැබු තීරණය බලරහිත කිරීමේ නියෝගයක් ඉල්ලා එම නිවාසවල හිමිකරුවන් ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් නිශ්ප්රභ කිරීමට තීන්දු කළා.
මෙම පෙත්සම් සලකා බැලීම සඳහා ඊයේ කැඳවූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි ජ්යෙෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්රම මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පාස්කු ඉරුදින එල්ල කළ ත්රස්ත ප්රහාර සිද්ධියෙන් පසු අනාවරණය වු තොරතුරු මත මෙම නඩුවට පාදක වන ප්රශ්නගත නිවාස දෙක සම්බන්ධයෙන් පොලිසිය විමර්ෂණ සිදුකළ බව සඳහන් කළා.
ස්වාමිනි ත්රස්ත ක්රියාකාරකම්වලට සම්බන්ධ ලුක්මාන් තාලිෆ් නැමැත්තෙකු මෙම නිවාසවල හිමිකරුවන් සමඟ සමීප සම්බන්ධකම් පවත්වාගෙන තිබෙන බවට විමර්ෂණවලදී කරුණු අනාවරණය වුණා.
ඒ වගේම අදාළ නිවස ජාතික තවුහිද් ජමාත් සහ අල්කයිඩා යන සංවිධානවල ත්රස්ත ක්රියාකාරකම් සඳහා යොදා ගෙන ඇති බවට ද කරුණු අනාවරණය වී තිබෙනවා.
ඒ විතරක් නෙවෙයි මේ නිවාස වල අන්තවාදී ක්රියාකාරම්වලට සම්බන්ධ පංති පැවැත්වීම සඳහා ද යොදා ගෙන තිබෙන බවටයි විමර්ෂණවලදී හෙළිවෙලා තියෙන්නේ.
මෙම නිවාස ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පොලිසිය භාරය ගැනීමට අදාළ නියෝගය ජනාධිපතිවරයා නිකුත් කළේ ඔහුට ඉදිරිපත් වු සෑහීමකට පත්විය හැකි තොරතුරු පදනම් කර ගනිමින්.
ඒ නිසා මෙම නියෝගය තුළින් පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක් සිදුවෙන්නේ නැහැ.
මෙලෙස කරුණු දැක්වු ජ්යෙෂ්ඨ රජයේ නීතිඥවරයා අනතුරුව අධිකරණයෙන් ඉල්ලා සිටියේ අදාළ පෙත්සම නිශ්ප්රභ කරන ලෙසයි.
නමුත් අදාළ චෝදනා සියල්ල ප්රතික්ෂේප කරමින් කරුණු දැක්වු පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා කියා සිටියේ අදාළ නිවාස දෙක ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පොලිසිය භාරයට ගැනීම සඳහා කරන ලද විධානය සම්පුර්ණයෙන්ම නීතියට පටහැනි බවයි.
රජයේ නීතිඥවරයා සදහන් කරන ආකාරයේ තොරතුරු විමර්ෂණවලදී අනාවරණය වී නොමැති බවත් ඔහු මෙහිදි සඳහන් කළා.
ඉදිරිපත් වු සියලු කරුණු සලකා බැලු ප්රීති පද්මන් සූරසේන , ශිරාන් ගුණරත්න සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්රිපුද්ගල විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම විභාගයට නොගෙන නිශ්ප්රභ කිරීමට තීන්දු කළා.
The post පාස්කු ප්රහාරයේ තවත් රහසක් එළියට appeared first on ITN News.