විශ්ව රූ රැජින තරඟයට සැරසෙන සෞදි අරාබිය
සෞදි අරාබිය පළමුවරට විශ්ව රූ රැජින තරගයට සහභාගීවීමට සූදානම් වනවා.
රූපලාවන්ය ක්ෂේත්රයේ ප්රවීණයෙකු වන රූමි අල්කටානි ඉන්ටග්රෑම් පණිවුඩයක් සටහන් කරමින් මේ බව සදහන් කර තිබෙනවා.
සෞදි අරාබිය නියෝජනය කරමින් විශ්ව රූ රැජින 2024 තරගය සදහා තමා සහභාගී වන බවයි ඇය එහි සටහන් කර ඇත්තේ.
රූමි අල් කටානි මෙවැනි තරග කිහිපයකට සහභාගී වී පලපුරුද්දක් ලබා ඇති ශිල්පිනියක ලෙස සැලකෙනවා.
ලොව වැඩිම කතාබහකට හා අවධානයකට ලක් වන තරගයක් ලෙස විශ්ව රූ රැජින තරගය නම් කළ හැකියි. තරගය සදහා සහභාගී වීම ඉස්ලාමීය රටක් ලෙස සෞදි අරාබිය ඓතිහාසික අවස්ථාවක් ලෙසයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.
The post විශ්ව රූ රැජින තරඟයට සැරසෙන සෞදි අරාබිය appeared first on ITN News.