තුර්කිය සිදු කළ හදිසි මෙහෙයුම් කිහිපයකින් IS ත්රස්ත සැකකරුවන් 150 කට ආසන්න සංඛ්යාවක් අත්අඩංගුවට
තුර්කිය සිදු කළ හදිසි මෙහෙයුම් කිහිපයකින් අයිඑස් ත්රස්ත සැකකරුවන් 150 කට ආසන්න සංඛ්යාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තුර්කි ආරක්ෂක අංශ ඊයේ දිනයේදී දිවයින පුරා හදිසි වැටලීම් සිදු කර තිබෙනවා. එහිදී අයිඑස්.අයිඑස් ත්රස්ත සංවිධානයට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයින් 147 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි තුර්කි ආරක්ෂක අංශ නිවේදනය කරන්නේ.
නගර 30 ක මුල් කර ගනිමින් මෙම වැටලීම් සිදු කර තිබෙනවා.
පසුගිය සතියේදී රුසියාවේ මොස්කව් අගනුවර ඉලක්ක කර ගනිමින් ත්රස්ත ප්රහාරයක් එල්ල වූ අතර එහිදී සාමාන්ය වැසියන් 137 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.
එම සිද්ධියෙන් පසු යුරෝපයේ රටවල් රැසක් ආරක්ෂාව දැඩි කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
The post තුර්කිය සිදු කළ හදිසි මෙහෙයුම් කිහිපයකින් IS ත්රස්ත සැකකරුවන් 150 කට ආසන්න සංඛ්යාවක් අත්අඩංගුවට appeared first on ITN News.