ඇෆ්ගනිස්ථාන කාන්තාවන් අනියම් ඇසුරකට වරදකරු වුවහොත් ගල්ගසා මරා දමන බව තලෙයිබාන් නායකයා කියයි
ඇෆ්ගනිස්ථාන කාන්තාවන් අනියම් ඇසුරකට වරදකරු වුවහොත් ගල්ගසා මරා දමන බව තලෙයිබාන් නායක අකුන්සා දා හඬ පටයක් නිකුත් කරමින් සදහන් කරනවා.
අනාචාරය වැනි වරදකට ලබාදිය යුතු දඩුවම ප්රසිද්ධියේ කසයෙන් හෝ ගල්ගසා මරාදැමීම බව තලෙයිබාන් සංවිධානයේ උත්තරීතර නායක මුල්ලා හිබතුල්ලා අකුස්නා දා හඩ පටයේ සදහන් කර තිබෙනවා.
ඉස්ලාමීය ෂරියා නීති දැඩිව ක්රියාත්මක කිරීමට කටයුතු කරන බවයි ඔහු එම හඩ පටයෙන් තවදුරටත් කියා සිටින්නේ.
ගල් ගසා මරා දමන විට එය කාන්තා අයිතීන් උල්ලංඝණය කිරීමක් බව පැවසුවද අනාචාරයේ හැසිරීමට කිසිදු සමාවක් නොමැති බවයි තලෙයිබාන් සංවිධානයේ උත්තරීතර නායකයා පවසන්නේ.
මානව හිමිකම් ආරක්ෂා කිරීම දෙවියන්ගේ නියෝජිතයන් ලෙසසිදු කරන බවද ඔහු මෙහිදී සදහන් කරනවා.
2021 වසරේදී ඇෆ්ගනිස්තානයේ පාලන බලය තලෙයිබාන් සංවිධානයට නතුවීමෙන් පසු එරට කාන්තාවන්ගේ සියලු අයිතීන් සීමා කිරීමට ඔවුන් පියවර ගත්තා.
The post ඇෆ්ගනිස්ථාන කාන්තාවන් අනියම් ඇසුරකට වරදකරු වුවහොත් ගල්ගසා මරා දමන බව තලෙයිබාන් නායකයා කියයි appeared first on ITN News.