විදේශගතව සැඟව සිටි ප්රධාන පෙළේ මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට
විදේශගතව සැඟව සිටි ප්රධාන පෙළේ මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු වන කහන විටගේ දොන් නන්දසේන හෙවත් නන්දසේන නමැති මහා පරිමාණ මත්ද්රව්ය ජාවාරම්කරු නුවර එළිය ප්රදේශයේ නිවාඩු නිකේතනයක් තුලදී සැඟව සිටියදී විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොහු 2024 මාර්තු දෙවන දින කිරිබත් ගොඩ සහ කටුනායක පොලිස් බල ප්රදේශවලදී විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අයිස් හෙවත් මෙතමටෆින් 9.kg.300g මෙරටට ගෙන්වන ලද ප්රධාන ජාවාරම්කරු වන අතර මොහුගේ සහෝදරයාද තොට ළඟ ප්රදේශයේ මහා පරිමාණ මත්ද්රව්ය ජාවාරම්කරුවකු වන බන්දු නමැත්තාවේ .
මොහු පසුගිය කාලේ ඉන්දියාවේ සැඟව සිට 2024.02.29 වන දින මෙරටට පැමිණ ඇති අතර සිය දෙවන බිරිඳ සමඟ නුවරඑළි ප්රදේශයේ සැඟව සිටියදී විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
වත්තල සහ ගනේ මුල්ල ප්රදේශවල මොහු සතුව ඇති සුවිසල් නිවාස දෙකට අදාළව විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් හා බැරකම් විමර්ශන කොට්ඨාසය මගින් පසුගිය දිනවල විමර්ශණ කටයුතු අරඹා තිබෙනවා.
The post විදේශගතව සැඟව සිටි ප්රධාන පෙළේ මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට appeared first on ITN News.