මුලතිව් ප්රාදේශීය සෞඛ්ය සේවා අධ්යක්ෂක වෛද්යවරයා රිය අනතුරකින් මරුට
මුලතිව් ප්රදේශීය සෞඛ්ය සේවා අධ්යක්ෂක වෛද්ය කේ.අකිලෙන්ද්රන් ගමන්ගත් කැබ් රථය ඊයේ සවස ටිපර් රථයක ගැටී සිදුවූ දරුණු රියඅනතුරකින් වෛද්යවරයා මිය ගොස් තිබෙනවා.
වෛද්යවරයා මුලතිව් සිට වව්නියාව දෙසට කැබ්රථයෙන් ගමන්කරමින් සිට ඇති අතර ටිපර් රථය වව්නියාව දෙස සිට කිලිනොච්චිය දෙසට ධාවනය කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇතැයි මූලික පොලිස් පරික්ෂණ වලදී හෙලි වී ඇත.
එහිදී ටිපර් රථය ඉදිරියෙන් ගමන්ගත් ත්රී රෝදරතයක් පසුකොට යාමට ගත් උත්සහයකදී මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය සැකපල කරන අතර මෙම දරුණු අනතුරින් බරපතල තුවාල ලැබූ වෛද්යවරයා එම අවස්ථාවේදීම වව්නියාව මහරෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කලද ඒ වන විටත් මිය ගොස් සිටි බවයි රෝහල් වෛද්යවරුන් පැවසුවේ.
අනතුරින් පසුව ටිපර් රථයේ රියදුරුද සුලු තුවාල ලබා රෝහලගත කොට ඇති අතර පසුව රියදුරු අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබෙනවා.
The post මුලතිව් ප්රාදේශීය සෞඛ්ය සේවා අධ්යක්ෂක වෛද්යවරයා රිය අනතුරකින් මරුට appeared first on ITN News.