කඩුවෙල නිවසක් තුළ තිබී කාන්තා මළසිරුරක් හමු වෙයි
කඩුවෙල කොතලාවල ප්රදේශයේ නිවසක් තුළ තිබී කාන්තා මළසිරුරක් සොයාගෙන තිබෙනවා.
කාන්තාව මියගොස් සිටි ස්ථානය අවට ලේ පැල්ලම් කිහිපයක්ම දක්නට ඇති බව පොලීසිය සඳහන් කළේය.
ඇය සාමාන්යයෙන් පැළඳ සිටින රන් ආභරණ ඇයගේ ශරීරයේ නොමැති බව ඥාතීන් විසින් පවසා ඇති බැවින් මෙය ඝාතනයක් බවට සැකකරන බවද පොලීසිය පැවසීය.
මෙලෙස මියගොස් ඇත්තේ කඩුවෙල කොතලාවල ප්රදේශයේ පදිංචි 54 හැවිරිදි දෙදරු මවක් වන අතර ඇයගේ දියණිය හා පුත්රයා රැකියාවට ගොස් සිටි අතරවාරයේ මෙය සිදුවී ඇති බවයි පැවසෙන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් කඩුවෙල පොලීසිය විමර්ශන ආරම්භ කර තිබුණා.
The post කඩුවෙල නිවසක් තුළ තිබී කාන්තා මළසිරුරක් හමු වෙයි appeared first on ITN News.