පළාත් කිහිපයකට සවස 2න් පසු වැසි
අද දිනයේ බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්යම, ඌව සහ වයඹ පළාත්වල සවස 2න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර, දකුණ සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මි. මී. 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමෙන්තුව පවසන්නේ.
නැගෙනහිර පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.
මධ්යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කරන බවයි පැවසෙන්නේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලීමක් කරනවා.
The post පළාත් කිහිපයකට සවස 2න් පසු වැසි appeared first on ITN News.