කොටහේනේදී බස් රථයක් පෞද්ගලික අලෙවිසැලකට කඩා වදී
අද උදෑසන කොටහේන මන්සන්දිය අසල දී, මාර්ගයේ ගමන්ගත් පෞද්ගලික බස්රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව තිබෙනවා.
මෙම බස්රථය මාර්ගයෙන් ඉවතට පැන පෞද්ගලික අලෙවිසැලකට කඩා වැදී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
මෙම අනතුරින් අදාල පෞද්ගලික වෙළඳසැලට අලාභ හානි සිදු ඇති අතර, එම ස්ථානයේ තිබූ ත්රීරෝද රථයකට ද හානි සිදුව ඇති බවයි අප වාර්තාකරුවන් වැඩිදුරටත් ප්රකාශ කළේ.
කෙසේවෙතත් මෙම අනතුර සිදුවීමට හේතුව කුමක්ද යන්න ගැන තවමත් වාර්තා නොවන අතර,සිද්ධිය සම්බන්ධයෙන් කොටහේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
The post කොටහේනේදී බස් රථයක් පෞද්ගලික අලෙවිසැලකට කඩා වදී appeared first on ITN News.