ලොව ‘බැටරි ලෝහය’ සොයා ඉන්දියාව මුහුද යට තරගයක
සාගර පෘෂ්ඨයේ සිට මීටර් දහස් ගණනක් පහළින් හමුවන කොබෝල්ට්, නිකල්, තඹ, මැංගනීස් වැනි විශාල ඛනිජ සම්පත් නිධි වෙත ළඟා වීමට චීනය, රුසියාව සහ ඉන්දියාව ඇතුළු රටවල් තරග කරමින් සිටියි. දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීමට අවශ්ය සූර්ය හා සුළං බලය, විද්යුත් වාහන සහ බැටරි තාක්ෂණය වැනි පුනර්ජනනීය බලශක්තිය නිෂ්පාදනය කිරීමට මේවා යොදා ගැනේ.