මොස්කව් ප්රසංග ශාලා ප්රහාරය: අයිඑස් සංවිධානය රුසියාව ඉලක්ක කරන්නේ ඇයි?
සෙනගින් පිරී ගිය ප්රසංග ශාලාවට ගිනි තැබීමට පෙර තුවක්කුකරුවන් විසින් සිදු කරන ලද වෙඩි තැබීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 139 දෙනෙක් මිය ගියහ. ටජිකිස්තානයේ බවට වාර්තා වන, සිද්ධියට සම්බන්ධ සැකකරුවෝ, තුවාලවල සලකුණු පෙන්වමින් මොස්කව් අධිකරණයක් හමුවට ඉදිරිපත් වූහ. මේ, ප්රහාරය පිළිබඳව අපි දන්නා තොරතුරු සහ ඉස්ලාමීය රාජ්ය (අයිඑස්) සංවිධානය රුසියාවට පහර දෙන්නේ මන්ද යන්න පිළිබඳව විමසා බැලීමකි.