ඉන්දියාවෙන් ආනයනය කළ ළූණු තොග බෙදාහැරීමට සූදානම්
උත්සව සමය සදහා විශේෂ බදු සහන ලබා දී ඉන්දියාවෙන් රෝස ළූණු ගෙන්වීමට අවසර ලබාදීමත් සමග ආනයනය කළ ළූණු තොග මේ වන විට ලැබී තිබෙනවා.
මෙසේ ඉන්දියාවෙන් ආනයනය කළ රතු පැහැති ළූණු කිලෝග්රෑම් 1ක් රුපියල් 300ත් 380ත් අතර තොග මිලකට ද රෝස පැහැති ළූණු කිලෝග්රෑම් 1ක් රුපියල් 480කටත් අලෙවි කෙරෙනවා.
මෙම ළූණු තොග දඹුල්ල ආර්ථික මධ්යස්ථානය ආසන්නයේ පිහිටි අල ළූණු තොග ආනයනය කරන පෞද්ගලික ආයතනයකට ලැබී තිබෙනවා.
රුපියල් 10ක බදු මුදලක් පමණක් අය කර උත්සව සමයේ ළූණු ආනයනය කිරීමට රජය අවසර ලබා දුන්නා.
ඒ අනුව මෙම ආනයනික ළූණු වැඩිවශයෙන් අලෙවි වන බවයි ව්යාපාරිකයන් පෙන්වා දෙන්නේ.
The post ඉන්දියාවෙන් ආනයනය කළ ළූණු තොග බෙදාහැරීමට සූදානම් appeared first on ITN News.