රන්මිණිතැන්නේදී පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවියක් ක්රියාත්මක වීමෙන් තරුණයෙකුට තුවාල
තිස්සමහාරාම රන්මිණිතැන්න සූදු පොලක් වැටලූ පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවිය ක්රියාත්මකවීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
රන්මිනිතැන්න ප්රදේශයේ සූදු පොලක් පොලීසිය විසින් වටලා තිබෙන්නේ ඊයේ රාත්රියේයි.
එහිදී පොලිස් නිලධාරියෙකු අත තිබූ ගිනි අවියක් අනපේක්ෂිත ලෙස ක්රියාත්මක වීමෙන් එම ස්ථානයේ සිටි පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසනවා.
වෙඩි වැදුනු පුද්ගලයා දෙබරවැව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්රතිකාර සදහා හම්බන්තොට මහ රෝහලට යොමු කෙරුණා.
සිද්ධිය ඇසින් දුටු පුද්ගලයින් පවසන්නේ පොලිස් නිලධාරීන් ඈත සිටම වෙඩි තබමින් එම ස්ථානයට කඩාවැදුනු බවයි.
වෙඩි වැදුන පුද්ගලයා තිස්සමහාරාම පොලීසිය තුළ පැයක් පමණ රදවාගෙන සිටි බවට ද ඔවුන් පවසනවා.
The post රන්මිණිතැන්නේදී පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවියක් ක්රියාත්මක වීමෙන් තරුණයෙකුට තුවාල appeared first on ITN News.