ජනාධිපතිවරයා රන්වල දෙවියන් වගේ රටට හරි පාර කියලා දෙනවා – මනූෂ

- itnnews.lk

පැලැස්තර විසඳුම් රැගෙන රට වෙනස් කරනවා කියමින් කෑ ගැසීම වෙනුවට අනාගතවාදීව සිතා, රට ණය බරින් මුදා ගැනීමට කටයුතු කෙරෙන වැඩපිළිවෙළක් සැමගේ අවශ්යතාවය වන බව කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනූෂ නානායක්කාර මහතා අද (05) ගම්පහ පැවැති ‘ජයගමු ශ්රී ලංකා’ ජංගම වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට සහභාගි වෙමින් ප්රකාශ කළා

දීර්ඝ කාලීනව පවතින ආර්ථික ක්රමය වෙනස් කරන වැඩපිළිවෙළකට නොගියේ නම් නියපොත්තෙන් කැඩිය යුතු දේ පොරවෙන් කැඩීමට අනාගතයේදී සිදු වනු ඇති බව අමාත්යවරයා එහිදී අවධාරණය කර සිටියා.

කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනූෂ නානායක්කාර මහතා……….

“මේ රටේ දූ දරුවන්ගේ මිනිසුන්ගේ රටේ දුක නැති කරන්න හයියක් වුණ විගමණික ශ්රමිකයන්ගෙන් පළමුව අවසරයි. මොකද ඔබ ලොකු කැප කිරීමක් කරලා තිබෙනවා අද දවසේ අපේ රට මෙතනට ගොඩ නැගෙන්න. රනිල් වික්රමසිංහ මැතිතුමාගේ නායකත්වය සමග මෙතන ඉන්න මැතිතුමන්ලාගේ රාජ්ය නිලධාරීන්ගේ නායකත්වය, දායකත්වය ඇතිව මේ රට මෙතනට ගොඩ නගන වේලාවේදී මේ ශ්රමිකයින්, මේ අයගේ දරුවන් – අම්මා තාත්තා නැතිව කැප වෙලා අපේ රටට සල්ලි එවපු නිසා තමයි රටට ගොඩ එන්න පුළුවන්කම ලැබුණේ. ඒ වෙනුවෙන් දක්වපු දායකත්වයට ශ්රමික උපහාර වැඩසටහනින් තමයි අද දවසේ අපි මේ වැඩසටහන ආරම්භ කරන්නේ.

කැලණියේ විභීෂණ මණිඅක්ඛිත පාලන කාලයෙන් පටන් ගත්, විහාර මහා දේවියගේ පටන් පෘතුගීසීන්ට, ලන්දේසීන්ට, මල්වානේ සටන සියල්ල ගැන ගම්පහ මතක් කරලා ලංකාවට ක්රිකට් ලෝක කුසලානය ගේන තැන දක්වා ගම්පහ දිස්ත්රික්කයේ සටන්කාමීත්වය ගැන අපි මතක් කරනවා.
දේශපාලන සටන්කාමීත්වය, දේශපාලන නායකත්වය ලබා ගැනීම ගැන කතා ගොඩකට හිමිකම් කියන භූමියක අපි අද මේ ඉන්නේ. ස්මාට් වැඩ්ඩන් හොයද්දි ගම්පහ කියන්නේ ඉතිහාසයේ ඉඳලා ඒ හැම එකකටම අභියෝග භාර ගෙන ඉදිරියට ගිය අතීතයක් එක්ක ස්මාට් වෙන්න උත්සාහ කරපු, ස්මාට් වෙන්න කැමැත්ත දක්වපු මිනිස්සු ඉන්න දිස්ත්රික්කයකට. ඒ නිසා අපි විශ්වාස කරනවා එදා වගේම ‘ජයගමු ශ්රී ලංකා’ ගමනට ඉදිරියට ඇවිල්ලා, පෙරමුණ අරන් යන බව.

සටන් කළ ජනතාවක් ඉන්න ගම්පහ තමයි බුදුන් වහන්සේ වැඩම කළ කැලණියත් තියෙන්නේ. එතන ඉඳන් කාලය ගෙවිලා ක්රිකට් ලෝක කුසලානය ගෙනා යුග පුරුෂයකු දක්වා ස්මාට් යුගයක්, ස්මාට් මිනිසුන් බිහි කරන්නට මේ ගම්පහ සමත් වුණා. එදා සීතාවක, කෝට්ටේ රාජධානිවල ශක්තිමත් පරිවාර බලකොටුවක්, මර්මස්ථානයක් විදිහට පත් ගම්පහ පත් වෙලා තිබුණේ. කොළඹ ආර්ථික මධ්යස්ථානය වෙනකොට ඒකට හයිය වෙමින් ගම්පහ දිස්ත්රික්කය ගුවන්තොටුපල, ආයෝජන වෙළඳ කලාප හරහා දැවැන්ත හයියක් රටට ලබා දෙනවා. ඉස්සර හෙනරත්ගොඩ කියලා තිබුණ අද ගම්පහ වීමේ කතාවේම තියෙන්නේ ගම්පහ ස්මාට් වීමේ කතන්දරයක්.

මේ පරිවර්තනය සංකේතවත් කරන සාධකය තමයි ගම්පහ තියෙන පළමු රබර් ගහ. මේ හෙනරත්ගොඩ උද්භිද උද්යානයේ තිබෙන රබර් ගහේ ඉඳලා අපේ ආර්ථිකයේ සමග අපි විටින් විට වෙනස් වුණා. සුද්දො ඇවිල්ලා තේ, කෝපි රබර් වවලා අපේ ආර්ථිකය විටින් විට වෙනස් කළා. ඒ වගේ ගම්පහත් වෙනසක් කරන්න මූලිකත්වය දීපු දිස්ත්රික්කයක්. ඒ වෙනස පටන්ගත්තේ ගම්පහින්. වෙනස්කම් කරන්න ගම්පහ හොඳ තෝතැන්නක්. මේ අලුත් ගමනේ පරිවර්තනයට ගම්පහ අද නායකත්වය දීලා තියෙනවා වගේම ඉතිහාසයෙත් නායකත්වය දීලා තියෙනවා. හෙටටත් ගම්පහ ජනතාව ඒ සඳහා නායකත්වය දේවි.

එදා අපිව කවුරු විවේචනය කළත් විවෘත ආර්ථිකය සුබවාදීව සමහරු බාර ගත්තා. සමහරු අසුබවාදීව විවෘත ආර්ථිකය බාර ගත්තා. විවෘත ආර්ථිකය එද්දි මේ රටේ තිබිච්ච තත්ත්වය අපිට මතක නෑ 77න් පස්සේ ඉපදුණු තරුණයින් විදිහට. 77න් ඉස්සෙල්ලා තිබිච්ච තත්ත්වය දේශපාලනික කාරණාවක් නෙවෙයි. හැබැයි අපිට තිබුණ පෝලිම් යුගය, මිරිස් පොලු, භූමිතෙල් පොලු, බත් කන්න පුළුවන් දවස් කීපයක් වුණ ආර්ථික තත්ත්වයක් තිබුණේ. එහෙම තිබිලා 1978දී ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා මේ රටට විවෘත ආර්ථ්කය හඳුන්වලා දෙනවා. ඒ වෙනකොට අර තිබුණ පෝලිම් යුගය වෙනස් කරලා, සමූපකාරවලින් විතරක් තිබුණ යුගය වෙනස් කරලා, මිනිසුන්ට බඩු සුලභ වෙන්න පටන්ගන්නවා. ආර්ථිකය දියුණු වෙන්න පටන් ගන්නවා. ටීවී, රේඩියෝ බොහොමයක් නොතිබුණ රටට ටීවී රේඩියෝ එන්න පටන් ගත්තා. මිනිස්සු රට යන්න පටන් ගත්තා. ආර්ථිකමය වශයෙන් දියුණු වෙන්න පටන් ගත්තා.

මේ පරිවර්තනීය වෙනස පටන් ගත්තේ ගම්පහින් බිහි වුණු ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගෙන්. මේ පරිවර්තනය සිද්ධ වෙන වෙලාවේ කැබිනට් අමාත්යවරයෙක් විදිහට හිටපු රනිල් වික්රමසිංහ මැතිතුමා තමයි බියගම නියෝජනය කරලා පාර්ලිමේන්තුවට යාමෙන් අද ජනාධිපතිවරයා වෙන්නේ. මේ ඉතිහාසය අපේ දරුවෝ දැනගන්න ඕනේ. ඉතිහාසය හරියට දැනගත්තොත් තමයි අපේ දරුවන්ට පැහැදිලි අනාගතයකට යන්න පුළුවන් වෙන්නේ.

කෝල්බෲක් ප්රතිසංස්කරණවලින් පස්සේ රටේ ඇති වෙච්ච වෙනස්කම් ටික විශාලතම ප්රතිසංස්කරණය ඒ වෙලාවේ සිද්ධ වුණේ. මෙතනින් පස්සෙයි මිනිසුන්ගේ අතේ සල්ලි ගැවසිලා, අලුත් මධ්යම පන්තියක් බිහි වෙලා, එළියට බහින්න හැකි වෙලා ආර්ථික ප්රසාරණයක් ඇති වෙන්නේ. එදා ඒ පරිවර්තනයට නායකත්වය දුන්න ජේ.ආර්. ජයවර්ධන ගම්පහින් බිහි වෙද්දි බියගමින් නැවත වතාවක් රනිල් වික්රමසිංහ මහත්මයා බියගම කර්මාන්තපුරය, ආයෝජන ප්රවර්ධන කලාප ආරම්භ කළ ව්යාපෘතිවලින් තමයි මුළු රට වටේම මෙවැනි ව්යාපෘති ආරම්භ කළේ.

මෙන්න මේ දැක්ම, වැඩපිළිවෙළ ඉස්සරහට ගෙනියද්දි ඒ වෙනස් කිරීම කරන්න පුළුවන් ස්මාට් මිනිස්සු ගම්පහ ඉන්නවා. ගම්පහ ඉන්නේ ඒ වෙනස දරාගන්න පුළුවන්, වෙනස අතට ගන්න පුළුවන් අවශෝෂණය කරගන්න පුළුවන් මිනිස්සු. ඒක ඉතිහාසයේ ඉඳලා සාධකවලින් ගම්පහ මිනිස්සු පෙන්නලා දීලා තියෙනවා. එතකොට අද ඇති වී තියෙන ප්රශ්නවලටත් පැලැස්තර විසඳුම් හොයලා හරියන්නේ නෑ. දීර්ඝ කාලීන විසඳුම් හොයන්න වෙලා තියෙනවා. අපේ ආර්ථිකය කඩාගෙන වැටුණු වෙලාවෙදී ඒ සඳහා ප්රායෝගික විසඳුම් ඕන වෙලා තියෙනවා. අද අපිට ඕන වෙන්නේ මේ දරුවන්ට අනාගතවාදීව හිතලා ණය බරින් නිදහස් කරන රටක් හදන්න. පැලැස්තර විදිහට තැන් තැන්වල වේදිකාවලට ඇවිල්ලා කෑ ගහලා අපි ආවම හදනවා, ආවම වෙනස් කරනවා කියන එක වෙනුවට දීර්ඝ කාලීනව මේ ක්රමය වෙනස් කරන වැඩපිළිවෙලකුයි අපිට ඕන වෙන්නේ. ඒ නිසයි දරුවන්ගේ ඉඳලා මනස ශක්තිමත් කරලා, ස්මාට් වැඩ්ඩෝ හදන කර්මාන්ත ලෝකයට හයියක් දීලා, රටේ නිෂ්පාදන ආර්ථිකය හදලා රට ණය බරින් නිදහස් කරන දීර්ඝ ගමනක ආරම්භය අපි ආරම්භ කරන්නේ. ඒක දවල් හීන නොවී ස්මාට් වැඩ්ඩො එක්ක ඉස්සරහට යන වැඩපිළිවෙළක් තමයි අපි කරන්න ඕනේ. මේ වෙලාවේ නිවැරදි දේ සිද්ධ නොකර අද වැරදි තීන්දු ගත්තොත් නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කඩන්න සිද්ධ වෙනවා. එහෙම වුණොත් රට අමාරුවෙ වැටෙනවා. එහෙම අනාගතයකට ආවොත් අපිට නැවත වතාවක් සැනසිල්ලේ ඉන්න බැරි තත්ත්වයක් උදා වෙනවා. නැවතත් මේ ආර්ථික අර්බුදයේ, ණය උගුලේ, තෙල් පෝලිම්වලට වැටෙන්න, ජාත්යන්තර මූල්ය අරමුදලට නවත නැවත යන්නේ නැතිව ස්ථිර සාර වැඩපිළිවෙළකටයි අපි ක්රමානුකූලව යා යුත්තේ.

මේ ගම්පහ දිසාවේ කැලණි මිටියාවතේ ජනප්රිය දෙවි කෙනෙක් හිටියා රන්වල දෙයියෝ කියලා. රන්වල දෙයියෝ ඔරු පාරුවල යන අයට පහනක් අල්ලලා පාර පෙන්නුවා. මේ සාමාන්ය පුදලයෙක්. ඔහු මියැදුණාට පස්සේ ගම්වල මිනිස්සු ඔහුට රන්වල දෙයියෝ කියලා වන්දනාමාන කරන්න ගත්තා. මේ රටේ ජනාධිපතිවරයා මේ රට හරි මග ගෙනියන්න පහන අල්ලගෙන හිටපු රන්වල දෙවියෝ වගේ මේ රට යා යුත්තේ කොතැනටද කියලා අද රට නිවැරදි පාරට ගෙනියන්න දිශානතිය කියලා දෙනවා. අද අපි දේශපාලන අධිකාරිය, රාජ්ය නිලධාරීන් විදිහට සියලු දෙනා මේ රට එතැනට ගෙනියනවා. ඒ පෙන්නපු පාරෙ ඉඳලා මේ රට දියුණු රටක් සංවර්ධිත රටක් කරා ගෙනියන ගමනට තමයි ‘ජයගමු ශ්රී ලංකා ස්මාට් වැඩ්ඩන් සමගින්’ කියලා කියන්නේ.

ඒකට මගෙන් පටන් ගමු. අපි හැම දෙනාම තම තමන්ගෙන් පටන්ගෙන දියුණු රටක් කරා ගෙනියන්න රනිල් වික්රමසිංහ මැතිතුමා ගෙනියන වැඩපිළිවෙළ ආපස්සට හරවන්න නොදී, ආයිත් අඳුරු යුගයකට යා නොදී රට ඉස්සරහට ගෙනියන්නයි බලමුළු ස්මාට් වැඩ්ඩන් සංවිධානය කරන්නේ. ආර්ථික යුද්ධය ජයග්රහණය කරවීමේ බලමුළුයි අපි සංවිධානය කරන්නේ. අද මෙතැන ඉන්න අපේ විගමණික ශ්රමිකයන්ට අපි පොත්පත් ලබා දෙනවා. එහෙම දරුවන් ඉන්න පාසල්වලට ස්මාට් බෝඩ් ලබා දෙනවා. පිටරටවල ඉඳන් ඇවිත් මේ රටේ ව්යපාර ආරම්භ කරපු අයට අද අපි මුදල් ආධාර ලබා දෙනවා ඒ අයට ගරුත්වයක් වශයෙන්. විගමණික පවුලක කෙනෙක් නම් අද නොමිලේ වෛද්යාධාර දෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශය ගෙන යන වැඩපිළිවෙළ තවත් ශක්තිමත් කරලා අපි ජයගමු ශ්රී ලංකා වැඩසටහන සමග ක්රියාත්මක කරනවා.” යැයි අමාත්යවරයා ප්රකාශ කළේය.

නාගරික සංවර්ධන නිවාස අමාත්ය ප්රසන්න රණතුංග, විදේශ රැකියා රාජ්ය අමාත්ය ජගත් පුෂ්පකුමාර, දේශීය වෛද්ය රාජ්ය අමාත්ය සිසිර ජයකොඩි, කුඩා හා මධ්ය පරිමාණ කර්මාන්ත රාජ්ය අමාත්ය ප්රසන්න රණවීර,ගම්පහ දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සහන් ප්රදීප්, මන්ත්රිනී කෝකිලා හර්ෂණී, උපුල් මහේන්ද්ර රාජපක්ෂ, ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ආශු මාරසිංහ, කම්කරු හා විදේශ රැකියා අමාත්යාංශ ලේකම් ආනන්ද විමලවීර, දිස්ත්රික් ලේකම් ලාලින්ද්ර ගමගේ, අමාත්යාංශවල අතිරේක ලේකම්වරු මෙම අවස්ථාවට සහභාගි වුණා.

 

 

The post ජනාධිපතිවරයා රන්වල දෙවියන් වගේ රටට හරි පාර කියලා දෙනවා – මනූෂ appeared first on ITN News.

You may also like

- adaderana.lk

The Department of Meteorology has issued a red warning for strong winds and rough seas for naval and fishermen communities in the deep-sea areas in the South-eastern Arabian Sea and in the Bay of Bengal.

- colombogazette.com

More than 100 people are believed to have been killed Friday in a landslide that buried a village in a remote part of Papua New Guinea, Australian Broadcasting Corp. reported. The landslide reportedly hit Kaokalam village in Enga province, about 600 kilometers (370 miles) northwest of the South Pacific island nation’s capital of Port Moresby, at […]

- adaderana.lk

The Department of Meteorology has issued a Red warning for heavy rains for Sabaragamuwa province and in Nuwara-Eliya district today (19).

- adaderana.lk

President Ranil Wickremesinghe today inaugurated the Clinical Training and Research Block at the Jaffna University s Faculty of Medicine, the President s Media Division (PMD) said.

- adaderana.lk

The National People s Power (NPP) has decided to challenge the Economic Transformation Bill recently tabled in Parliament by the government, before the Supreme Court.

- adaderana.lk

The Sri Lanka High Commission in Malaysia has successfully facilitated the repatriation of 1,608 Sri Lankan illegal migrants.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc