විශ්රාමික රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුභසාධනය සදහා ප්රමුඛ වැඩපිළිවෙළක්
විශ්රාමික රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්ව ල සාමාජිකයන්ගේ සුභසාධනය සදහා ප්රමුඛ වැඩපිළිවෙළක් රජය මගින් ක්රියාත්මක කිරීමට නියමිත බව ආරක්ෂක රාජ්ය අමාත්ය ප්රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ඊයේ (06) ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු මූලස්ථානයේ දී විශ්රාමික, වෛද්ය හේතූන් මත විශ්රාම ගැන්වූ හමුදා සාමාජිකයන්ගේ සහ යුද්ධයේදී ජීවිත පරිත්යාග කල රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් උත්සවයක් සංවිධානය කර තිබුණා.
මෙහි ප්රධාන අරමුණ වූයේ ඔවුන්ගේ සුභසාධනය සහ පරිපාලන කටයුතු සම්බන්ධව යුද හමුදාව වෙතින් සිදුවිය යුතු කාර්යභාරය පිළිබඳ සොයා බැලීමයි.
ආරක්ෂක රාජ්ය අමාත්ය ප්රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා මෙම උත්සවයේ ප්රධාන ආරාධිතයා ලෙස සහභාගි විය.
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර විසින් උත්සවයට සපැමිණි ආරක්ෂක රාජ්ය අමාත්යවරයා පිළිගනු ලැබූ ලැබුවා.
වැඩසටහන ආරම්භයේදී, යුද හමුදා මූලස්ථානයේ විවිධ අධ්යක්ෂ මණ්ඩල හතක් යටතේ උපකාරක මධ්යස්ථාන ස්ථාපිත කර තිබූ අතර, එහිදී රණවිරුවන්ට හා ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්හට ඔවුන්ගේ පැමිණිලි වාර්තා කිරීමට සහ අවශ්ය උපදෙස් ලබා ගැනීමට පහසුකම් සලසා දී තිබිණ.
මෙහිදී රැස්ව සිටි පිරිස අමතමින් ආරක්ෂක රාජ්ය අමාත්යවරයා, “රාජකාරි කටයුතුවලදීත් ඉන් පිටතදීත් ත්රිවිධ හමුදාවෙන් සිදු කෙරෙන සේවයේ වැදගත්කම පැහැදිලි කරන ලද අතර රටේ නිදහස සහ සාමය වෙනුවෙන් අපගේ අභීත විරුවන් සිදු කල උත්තරීතර කැප කීරීම සහ යුධ ගිනි ඇවිලී තිබූ සමයේ එම වීරෝධාර රණවිරුවන්ගේ දෙමව්පියන් මෙන්ම පවුලේ සාමාජිකයන් විසින් සිදු කළ අපරිමිත කැපකිරීම් පිළිබඳව ද මෙහිදී සිහිපත් කරන ලදී.
රට ජාතිය වෙනුවෙන් එවන් උදාරතර සේවයක් සිදු කල ඔවුන්ගේ සුභසාධනය අත්යවශ්යයෙන්ම සැලකිය යුතුයි. ආරක්ෂක අමාත්යංශය, ත්රිවිධ හමුදාව, රණවිරු සේවා අධිකාරිය සහ අනෙකුත් රාජ්ය පරිපාලන ආයතන එක්ව සෞඛ්ය, රාජ්ය පරිපාලන, බැංකු කටයුතු සහ අනෙකුත් සේවාවන් ලබා ගැනීමේදී රණවිරු පවුල් වල සාමාජිකයන් සදහා ප්රමුඛත්වය ලබා දීමේ වැඩපිළිවෙළක් ක්රියාත්මක කිරීමට නියමිත බව අමාත්යවරයා මෙම අවස්ථාවේදී පැවසීය.
මීට අමතරව රජය විසින් දැනට ක්රියාත්මක කරන ඉඩම් සදහා සින්නක්කර ඔප්පු ලබා දීම ‘උරුමය’ වැඩසටහන යටතේ රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්ට ප්රමුඛත්වය ලබාදීමට ද බලාපොරොත්තු වන බව ද ප්රකාශ කලේය. ඉන් අනතුරුව රැස්ව සිටි පිරිසට ඔවුන්ගේ ගැටලු ඉදිරිපත් කිරීමට සහ අදහස් ප්රකාශ කිරීමට ද අවස්ථාව සලසා දෙන ලදි.
රණවිරු සේවා අධිකාරියේ සභාපති, මේජර් ජෙනරල් නිශාන්ත මානගේ (විශ්රාමික), ජ්යෙෂ්ඨ හමුදා නිලධාරීන්, රාජ්ය නිලධාරීන්, රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
The post විශ්රාමික රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුභසාධනය සදහා ප්රමුඛ වැඩපිළිවෙළක් appeared first on ITN News.