කෝටි 6කට ආසන්න හෙරොයින් තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
රුපියල් කෝටි 6කට ආසන්න හෙරොයින් තොගයක් සමඟ සැකකරුවෙකු මාලිගාවත්ත පොලිසිය අත්අඩංගුවට ගත්තා.
වැල්ලම්පිටිය ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 25ක පුද්ගලයෙකු සතුව තිබියදීයි මෙම හෙරොයින් මත්කුඩු තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ඔහු ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන කෙසෙල්වත්තේ දිනුක නැමැත්තාගේ ගෝලයෙකු බවටත් හෙළිකර ගෙන තිබෙනවා.
සැකකරු ළඟ තිබි හෙරොයින් කිලෝ ග්රෑම් එකයි ග්රෑම් 105ක් සොයා ගත්තා.
ඔහු මෙම හෙරොයින් තොගය ග්රෑන්ඩ්පාස් ප්රදේශයට රැගෙන යමින් සිටියදීයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකරු මත්ද්රව්ය ජාවාරමෙන් උපයා ගත් බවට සැකකෙරෙන රුපියල් හත් ලක්ෂ පනස්දහසක මුදලක් ද පොලිසිය අත්අඩංගුවට ගත්තා.
The post කෝටි 6කට ආසන්න හෙරොයින් තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට appeared first on ITN News.