වෙඩිවැදුණු 17 හැවිරිදි තරුණිය මියයයි
පොළොන්නරුව ගිරිතලේ යාය 4 ප්රදේශයේ ඊයේ (14) රාත්රියේ සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලබා පොළොන්නරුව රෝහලට ඇතුලත් කර ඇති 17 හැවිරිදි තරුණිය මියගොස් තිබෙනවා.
40 හැවිරිදි පුද්ගලයෙකු විසින් අදාළ වෙඩිතැබීම සිදුකර ඇති අතර ඔහු හා තරුණිය අතර තිබූ පෞද්ගලික ආරවුලක් මත වෙඩිතැබීම සිදුකර ඇති බවටයි වාර්තා වී ඇත්තේ.
පොළොන්නරුව ගිරිතලේ යාය 4 ප්රදේශයේදී ඊයේ රාත්රි 8.45ට පමණ වෙඩිතැබීම සිදුවී තිබුණා.
ඝාතනය සිදුකළ සැකකරු මේ වනවිට ප්රදේශයෙන් පළා ගොස් ඇති අතර සැකකරු සොයා මින්නේරිය පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.
The post වෙඩිවැදුණු 17 හැවිරිදි තරුණිය මියයයි appeared first on ITN News.