ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ නායයෑම්වලින් 18 දෙනෙකු ජීවිතක්ෂයට
ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ නායයෑම්වලින් 18 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
තවත් දෙදෙනෙක් අතුරුදන් බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
මේ වන විට පොලිස් නිල සුනඛයන් ඇතුළු ගලවා ගැනීමේ කණ්ඩායම් යොදා ගනිමින් අතුරුදහන් වූ පුද්ගලයින් බේරාගැනීම සඳහා මෙහෙයුම් ක්රියාත්මකයි.
මේ අතර දකුණු සුලවේසි ප්රාන්ත රජය වාර්තා කළේ පුද්ගලයන් දෙදෙනෙකු අසාධ්ය තත්ත්වයෙන් රෝහල්ගතව සිටින බවයි.
අධික වර්ෂාව හේතුවෙන් සුලාවෙසි දිවයිනේ නායයෑම්සිදුවූ අතර නිවාස හතරක් විනාශ වුණා.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මාර්ග රැසකටද හානි සිදු වුණා.
ඒ හේතුවෙන් සහන කටයුතු වලටද බාධා එල්ල වුනා.
The post ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ නායයෑම්වලින් 18 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.