“සූරිය මංගල්ලේ ගීතය” විකෘති කළ පුද්ගලයා අත්අඩංගුවට
ප්රවීන ගායන ශිල්පී රෝහණ බැද්දගේ මහතා විසින් ගායනා කළ ” සූරිය මංගල්ලේ ගීතය” විකෘති කර සමාජ මාධ්ය වෙත මුදාහැරීමේ සිද්ධියේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 31ක් වන තලාතුඔය පදිංචි සුරාබදු නිලධාරියෙක් බවයි සඳහන් වන්නේ.
සැකකරු අද (17) කුලියාපිටිය මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වයඹ පළාත් ඒකකය මඟින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
The post “සූරිය මංගල්ලේ ගීතය” විකෘති කළ පුද්ගලයා අත්අඩංගුවට appeared first on ITN News.