How can Sri Lankan charities find international donors and partners?

“වසත් සිරිය 2024” අවුරුදු කුමරා / කුමරිය අයදුම්පත් භාර ගැනීමේ කාලය දීර්ඝ කෙරේ

- itnnews.lk

ජනාධිපති කාර්යාලයේ සේවක සුබසාධක සංගමය සහ රජයේ අමාත්යාංශ එක්ව අප්රේල් 27 වන සෙනසුරාදා ගාලු මුවදොර ෂැංග්රිලා හරිත භූමියේ දී සංවිධානය කර ඇති “වසත් සිරිය 2024” සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවයේ අවුරුදු කුමරා/ කුමරිය සඳහා අයදුම්පත් භාර ගැනීමේ කාලය අප්රේල් 23වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

මේ සඳහා ඉදිරිපත්වීමට අපේක්ෂා කරන තරගකරුවන් මාස 03ක් ඇතුළතදී ගත් වර්ණ ඡායාරූපයක් සමඟ නම, වයස, උස, ලිපිනය සහ දුරකතන අංකය 2024.04.23 දින ප.ව 3.00ට පෙර 077-1557146 WhatsApp අංකය වෙත යොමු කළ යුතුය. සියලු අයදුම්කරුවන් වයස අවුරුදු 18-30 අතර අවිවාහක අය විය යුතුයි.

“වසත් සිරිය” අවුරුදු කුමරා/ කුමරිය පළමු ස්ථානය සඳහා රුපියල් 100,000/-ක්ද, දෙවන ස්ථානය සඳහා රුපියල් 75,000/-ක් සහ තෙවන ස්ථානය සඳහා රුපියල් 50,000/-ක මුදල් ත්යාග ඇතුළු වටිනා ත්යාග ද 12 වන ස්ථානය දක්වා සැනසිලි ත්යාග සහ සහතික පත් ද පිරිනැමේ. තරග කොන්දේසි සම්බන්ධ අවසාන තීරණය සංවිධාන කමිටුව සතු වන අතර වැඩි විස්තර ක්රිසන්ති විතාරණ මහත්මිය (සම්බන්ධීකාරක)-දු.ක 0718412300 ඇමතීමෙන් ලබාගත හැකියි.

එමෙන්ම “වසත් සිරිය 2024” ස්ටෑන්ඩර්ඩ් පාපැදි සවාරිය (පිරිමි/ කාන්තා) දිවයිනටම විවෘතය. ශ්රී ලංකා ගුවන් හමුදාව සහ ශ්රී ලංකා පාපැදි සම්මේලනය එක්ව එය සංවිධානය කරයි.

පිරිමි අංශයේ ස්ටෑන්ඩර්ඩ් පාපැදි සවාරිය අප්රේල් 27 වනදා උදෑසන ගාලු මුවදොර පිටියෙන් ආරම්භ වී මීගමුව පාර ඔස්සේ, ජා-ඇළ, කටුනායක, මිනුවන්ගොඩ, වේයන්ගොඩ, නිට්ටඹුව, නුවර පාර, කඩවත, පෑලියගොඩ, හරහා නැවත ගාලු මුවදොර පිටියෙන් අවසන් වෙයි.

එහි කාන්තා අංශයේ තරගය එදින උදෑසන ගාලු මුවදොර පිටියෙන් ආරම්භ වී ගාලු පාර ඔස්සේ පාමංකඩ, පිළියන්දල, කැස්බෑව, කොට්ටාව, මහරගම, නුගේගොඩ, තුම්මුල්ල හන්දිය, පිත්තල හන්දිය, ලේක්හවුස් ඔස්සේ නැවත ගාලු මුවදොර පිටියෙන් අවසන් වෙයි.

මෙම තරගය සඳහා ගැනෙන ස්ටෑන්ඩර්ඩ් පාපැදි ඉදිරිපස සහ පසුපස දැති 48 සහ 18, හැඬලයේ රෙස්ට් බාර්/ හැක් බාර් සමඟ තරග කිරීම තහනම් බව සංවිධායක මණ්ඩලය දන්වා සිටිනවා.

මේ සඳහා සහභාගි වීමට අපේක්ෂා කරන තරගකරුවන් අදාළ අයදුම්පත සම්පූර්ණ කර රජයේ ලියාපදිංචි වෛද්යවරයෙකු ලවා තරග කිරීමට හැකි යහපත් සෞඛ්ය තත්ත්වයේ පසුවන බවට සහතික කොට සංවිධායක මණ්ඩලය වෙත “වසත් සිරිය 2024 පාපැදි තරගය, ශ්රී ලංකා ගුවන් හමුදා කඳවුර, කොළඹ” ලිපිනය ඔස්සේ යොමු කළ යුතුයි.
.
එසේ නොමැති නම් ශ්රී ලංකා ගුවන් හමුදා කඳවුරේ කොළඹ ප්රධාන ආරක්ෂක මැදිරියට භාර දිය හැක. නැතිනම් සම්පූර්ණ කළ අයදුම්පත Scan කර pdf Document ආකාරයට සකස් කර 070-3166384 යන දුරකථන අංකයට WhatsApp මඟින් යොමු කළ හැකියි.

2024 අප්රියෙල් 25 දින මධ්යහන 12.00 ට පසුව ලැබෙන අයදුම්පත් ප්රතික්ෂේප කෙරෙන අතර පිළිගන්නා ලද අයදුම් පත් පිළිබඳ WhatsAPP පණිවිඩයක් ඔස්සේ අයදුම්කරුවන් වෙත දැනුම් දෙනු ලැබේ. මෙම අයදුම් කිරීම හා ලියාපදිංචිය සඳහා කිසිදු මුදලක් අය නොකෙරේ.

ස්ටෑන්ඩර්ඩ් පාපැදි තරගය (පිරිමි) පළමු ස්ථානය සඳහා රුපියල් 100,000ක් ද, දෙවන ස්ථානය සඳහා රුපියල් 75,000ක් ද, තෙවන ස්ථානය සඳහා රුපියල් 50,000ක් ද, සිව්වන ස්ථානය සඳහා රුපියල් 35,000ක් ද, පස්වන ස්ථානය සඳහා රුපියල් 20,000ක් ද, 6 සිට 10 ස්ථාන දක්වා රුපියල් 10,000 බැගින් ද, 11 සිට 20 ස්ථාන දක්වා රුපියල් 6,000 බැගින් ද ත්යාග පිරිනැමේ.
කාන්තා තරගයේ පළමු ස්ථානය සඳහා රුපියල් 60,000ක් ද, දෙවන ස්ථානය සඳහා රුපියල් 40,000ක් ද, තෙවන ස්ථානය සඳහා රුපියල් 30,000ක් ද, සිව්වන ස්ථානය සඳහා රුපියල් 20,000ක් ද, පස්වන ස්ථානය සඳහා රුපියල් 15,000ක් ද, 6 වන ස්ථානයේ සිට 10 වන ස්ථානය දක්වා රුපියල් 10,000 බැගින් පිරිනමනු ලබයි.

“වසත් සිරිය” මැරතන් ධාවන තරගය සඳහා වයස අවුරුදු 16ට වැඩි ක්රීඩක ක්රීඩිකාවන් සඳහා අවස්ථාව හිමි වේ. ඒ සඳහා www.pmd.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගන්නා අයදුම්පත පුරවා රජයේ ලියාපදිංචි වෛද්යවරයෙකු මඟින්, තරග කිරීමට සුදුසු යහපත් සෞඛ්ය තත්ත්වයේ පසුවන බවට සහතික කර ගැනීමෙන් අනතුරුව “ශ්රී ලංකා යුද හමුදා ක්රීඩා වෛද්ය අංශය, යුද්ධ හමුදා ක්රීඩා සංවර්ධන ගම්මානය, යුද්ධ හමුදා ජනපදය, පනාගොඩ, හෝමාගම” යන ලිපිනයට ලියුම් කවරයේ වම්පස ඉහළ කෙලවරේ “වසත් සිරිය විවෘත මැරතන් ධාවනය තරගය 2024” යනුවෙන් සඳහන් කර යොමු කළ යුතුය.

එසේ නොමැතිනම් ජනාධිපති කාර්යාලයේ ආරක්ෂක අංශය වෙත ගෙනවිත් භාරදීම හෝ සම්පූර්ණ කරන ලද අයදුම්පතේ පැහැදිලි ඡායාරූපයක් 0710573828 යන දුරකථන අංකයට WhatsApp මඟින් යොමු කළ හැකිය. 2024 අප්රේල් 26 දින පෙ.ව 10.00න් පසු යොමු කෙරෙන අයදුම්පත් පිළිගනු නොලැබේ.

මැරතන් තරගයේ (පිරිමි) පළමුවන ස්ථානය සඳහා රුපියල් 75,000ක් ද, දෙවන ස්ථානය සඳහා රුපියල් 50,000ක් ද, තෙවන ස්ථානය සඳහා රුපියල් 30,000ක් ද පිරිනැමෙන අතර සිව්වන ස්ථානයට රුපියල් 20,000ක් සහ පස්වන ස්ථානයට රුපියල් 15,000ක් ද, හයවන ස්ථානයේ සිට දහවන ස්ථානය දක්වා රුපියල් 10,000 බැගින්ද, එකළොස්වන ස්ථානයේ සිට පහළොස්වන ස්ථානය දක්වා රුපියල් 5,000 බැගින් ද පිරිනැමෙනවා.

කාන්තා මැරතන් තරගයේ පළමු ස්ථානය සඳහා රුපියල් 50,000ක් ද, දෙවන ස්ථානය සඳහා රුපියල් 30,000ක් ද, තෙවන ස්ථානය සඳහා රුපියල් 20,000ක් ද, සිව්වන ස්ථානය සඳහා රුපියල් 15,000ක්ද, පස්වන ස්ථානය සඳහා රුපියල් 10,000ක්ද , හය සහ හත්වන ස්ථාන සඳහා රුපියල් 7,500ක් බැගින් ද පිරිනැමෙන අතර අටවන ස්ථානයේ සිට දහවන ස්ථානය දක්වා රුපියල් 5,000 බැගින් පිරිනැමෙනවා.

“වසත් සිරිය” කඹ ඇදීමේ තරගය සඳහා තරගවදින සියලුම පිරිමි හා කාන්තා කණ්ඩායම්වල නාමලේඛනය දින තුනකට පෙර සංවිධායක මණ්ඩලය වෙත ලබාදීමට කටයුතු කළ යුතුය. එක් කණ්ඩායමක් සඳහා ක්රීඩකයින් 08 දෙනෙකුට ක්රීඩා කළ හැකි අතර, අතිරේක ක්රීඩකයින් දෙදෙනෙකු සමඟ කණ්ඩායමක සම්පූර්ණ ක්රීඩකයන් ගණන 10 ක්.

රාජ්ය අංශය, විවෘත අංශය සහ ආගන්තුක අංශය යන කොටස් 03ක් යටතේ “වසත් සිරිය 2024” සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවයේ තරග ඉසව් සංවිධානය කර තිබෙන අතර අමාත්යාංශ හා රාජ්ය ආයතනයන්හි කාර්ය මණ්ඩලවල සාමාජික, සාමාජිකාවන්, පවුලේ හිතවතුන් සහ ළමුන් වෙනුවෙන් කාන්තා සහ පිරිමි තරග ඉසව් 17ක් පැවැත් වේ. රාජ්ය අංශයේ තරගවලදී ආදළ රාජ්ය ආයතනයේ හැඳුනුම්පත ඉදිරිපත් කිරීම අනිවාර්යයයි

ඕනෑම ශ්රී ලාංකිකයෙකුට සහභාගිවිය හැකි විවෘත අංශයක් ද පැවැත්වෙන අතර ඊට තරග ඉසව් 16ක් ඇතුළත්ය. “පුර සැරිය” ස්ටෑන්ඩර්ඩ් පාපැදි තරගය, මැරතන් ධාවන තරගය, ලිස්සන ගහ, කඹ ඇඳීම, කොට්ටාපොර ගැසීම, ඉටිපන්දම් දැල්වීම, බැලුම් පිපිරවීම, අලියාට ඇස තැබීම, ටොෆි ඇහිදීම, හොඳම හිනාව අවුරුදු කුමරා සහ කුමරිය ඇතුළුව ලොකු කුඩා සැමට සහභාගිවිය හැකි තරග ඉසව් ඊට ඇතුළත්.

එමෙන්ම විදේශකයින්, තානාපති කාර්යාල, විදේශ ආයතන සහ අවට හෝටල්වල සිටින පිරිස් වෙනුවෙන් ආගන්තුක අංශයක් ද පැවැත්වෙන අතර අලියාට ඇස තැබීම, වාසනා මුට්ටිය බිදීම, ඉදිකටුවට නූල දැමීම, දෑස් ආවරණය කර කිරි කැවීම, බැලුම් පිපිරවීම, දෙහිගෙඩිය හැන්ද මත තබාගෙන දිවීම, සංගීත පුටු තරගය, සංගීත තොප්පි තරගය, සූප්පුවෙන් සිසිල් පැන් පානය, බනිස් කෑම වැනි විදෙස් සංචාරකයන්ට විනෝද විය හැකි තරග ඉසව් 10කින් එය සමන්විතයි.

අතීත ගැමි සමාජයේ ගම සහ ගැමි ගෙදර අතර පැවති සුන්දර සැබැඳියාව විදාහ දක්වමින් ගැමි ගෙදරක් සහිත පරිසරයක ආකෘතියක් මෙහිදී ප්රතිනිර්මාණය කෙරේ.

තවද දුෂ්කර කාල පරිච්ඡේදයකට පසුව යළි ගොඩනැගෙමින් තිබෙන ශ්රී ලංකාවේ අභිමානවත් ඉදිරි මග ඇතුළුව මෙරට සංචාරක කර්මාන්තයේ ප්රවර්ධනය ඉලක්ක කරගත් ලාංකීය සංස්කෘතිය මෙන්ම අතීත උරුමය ලොව හමුවෙ විදාහ දැක්වෙන අංග රැසකින් ද “වසත් සිරිය 2024” අලුත් අවුරුදු උත්සවය විචිත්රවත් කෙරේ.

“වසත් සිරිය – මියැසි ප්රසංගය” දිවයිනේ ජනප්රිය ගායක ගායිකාවන්ගේ සහභාගීත්වයෙන් එදින රාත්රී 7.00ට එම ස්ථානයේ දී ආරම්භ කෙරේ.

The post “වසත් සිරිය 2024” අවුරුදු කුමරා / කුමරිය අයදුම්පත් භාර ගැනීමේ කාලය දීර්ඝ කෙරේ appeared first on ITN News.

You may also like

- adaderana.lk

Colombo Chief Magistrate Thilina Gamage today ordered the Directors of OnmaxDT - a private firm believed to have been operating a pyramid scheme, to prepare and submit to the court a process to pay back the investors who have invested money in the company.

- adaderana.lk

The death toll climbed to 48 on Thursday as search efforts continued in southeastern China after a highway section collapsed in a mountainous area, sending more than 20 cars down a steep slope.

- colombogazette.com

Riot police in Georgia fired tear gas and water cannon into crowds protesting against a bill seen by the opposition as targeting media freedoms. Thousands waving Georgian and European Union flags gathered outside parliament for a second night to protest what they see as a Russian-inspired law. MPs approved the second reading of the controversial […]

- colombogazette.com

Two Sri Lankans have been picked up for inquiry in Rameswaram over claims they were planning to go back to Sri Lanka by boat illegally. According to The Hindu, the Thangachimadam Police picked up six persons, including two Sri Lankan nationals, R. Rajeswaran, 52, of Vavuniya and his wife Shanthi, 47, for an inquiry on […]

- colombogazette.com

Tournament favourites, Sri Lanka, confirmed their ICC Women’s T20 World Cup Qualifier Group A semi-final spot with a dominant, 67-run victory over Uganda at Zayed Cricket Stadium in Abu Dhabi. A career-best T20I knock from Vishmi Gunaratne and a brilliant bowling effort led Sri Lanka to a massive win in Group A of the ICC […]

- colombogazette.com

Iranian Agriculture Minister Mohammad-Ali Nikbakht has stressed the need to further expand cooperation with Sri Lanka in trade and agriculture. Last year, Iran imported over $70 million of products, especially tea and coconut, from Sri Lanka, Nikbakht has pointed out, IRNA wrote. Importing tea from Sri Lanka, through a barter mechanism, is a proper step, […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc