උද්ධමනය පහළට
පෙබරවාරි මාසයේ 5.1ව පැවති උද්ධමනය මාර්තු මාසයේ දී 2.5 දක්වා අඩුවී ඇති බව රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.
ආහාර උද්ධමනය 5% මට්ටමේ පවත්වාගෙන යාමට හැකිවී තිබෙනවා.
ආහාර නොවන උද්ධමනය 0.7%ක්. 2022 දී මෙරට උද්ධමනය 70%ක් දක්වා ඉහළ ගිය අතර එහිදී ආහාර උද්ධමනය දැක්වුණේ 95%ක් ලෙසයි.
උද්ධමනය පහළ යාම තුළින් භාණ්ඩ මිල ක්ෂණිකව අඩුවීමක් සිදුනොවුන ද මිල සිඝ්රලෙස ඉහළ යාම මන්දගාමි වීමක් සිදුවන බවයි අමාත්යවරයා පෙන්වා දෙන්නේ.
වැරදි මූල්ය ප්රතිපත්ති දීර්ඝ කාලීනව ක්රියාත්මක කිරීමේ ප්රතිඵලයක් ලෙස මෙරට ආර්ථිකය අර්බුදයකට ලක්වුණා. එය යළි යථාතත්ත්වයට පත්කිරීමේ දී අභියෝග සහ දැඩි තීරණ සමඟ කටයුතු කළ යුතු බවයි රාජ්ය අමාත්යවරයා පෙන්වා දෙන්නේ.
The post උද්ධමනය පහළට appeared first on ITN News.