විදුලිසැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
තෙල්දෙණිය, කරල්ලියද්ද ප්රදේශයේ දී විදුලිසැර වැදී පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.
සිමෙන්ති ආශ්රිත නිෂ්පාදන සිදුකරන ආයතනයක කම්බි කපමින් සිටි පුද්ගලයෙකු මෙලෙස විදුලිසැර වැදීමෙන් අනතුරට ලක්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.
පසුව ඔහු තෙල්දෙණිය රෝහලට ඇතුළු කර ඇති අතර එහිදී මිය ගොස් තිබෙනවා.
මිය ගොස් ඇත්තේ 62 හැවිරිදි කටුකිතුල, උඩිස්පත්තුව ප්රදේශයේ පදිංචිව සිටි අයෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් තෙල්දෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
The post විදුලිසැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.