රනිල් සමඟ රට දියුණු කරන ගමනේ අලුත් වෙඩි මුරය තබනවා

- itnnews.lk

රට යළි වතාවක් දියුණු රටක් කරන්නට යන ගමනේ මංගල වෙඩි මුරය මැයි දින දින රැළියත් සමග සනිටුහන් කරන බවත් ජනතාවගේ ජීවන ප්රශ්නය විසඳන සැබෑ අරගලය දිනා ගැනීමෙන් බොරු අරගලයකට පිළිතුරු දුන් නායකයා වන්නේ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා බවත් කම්කරු හා විදේශ රැකියා ඇමති මනූෂ නානායක්කාර මහතා අද මාලිගාවත්තේ පැවති එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළියට සහභාගී වෙමින් ප්රකාශ කළා.

වතු කම්කරුවාගේ දෛනික වැටුප, රාජ්ය සේවක වැටුප, පෞද්ගලික අංශයේ සේවක අවම වැටුප ඉහළ දමමින් කම්කරු ශ්රමික ජනතාව වෙනුවෙන් යුතුකම් ඉටු කළ නායකයා වන්නේ වත්මන් ජනාධිපතිවරයා වන බව අමාත්යවරයා එහිදී පැවසූ අතර හෙතෙම වැඩිදුරටත් එහිදී මෙසේ පැවසුවා.

“ගිනි ගෙන තිබුණු, පෝලිම් තිබුණු, බෙහෙත් නැතුව තිබුණු, හෙට දවස ගැන අනාගත බලාපොරොත්තු අතෑරලා දාලා හිටපු රටේ රාජ්ය සේවක වැටුප් වැඩි කරලා, පෞද්ගලික අංශයේ සේවකයාගේ අවම වැටුප වැඩි කරලා, වතු කම්කරුවාගේ දෛනික වැටුප රුපියල් 1700ට වැඩි කරලා, අද දවසේ කම්කරු රැළියත් ආරම්භ කරලා, කම්කරුවා – කම්කරුවා හැටියට මාකට් කරන අවසන් කම්කරු රැළියයි මේ පවත්වන්නේ. රනිල් වික්රමසිංහ මැතිතුමා මේ ජයග්රාහී මැයි රැළිය අමතන්නේ ජයග්රාහී එක්සත් ජාතික පක්ෂය මේ අවුරුදු දෙකට රටට කරපු සේවය සනිටුහන් කරන, යළි නොවැටී තවත් දශකයකට රනිල් වික්රමසිංහ මැතිතුමන් මේ රටේ පාලනය භාර ගැනීමේ වැඩ කටයුත්ත ආරම්භ කරන, අභිමානවත් රටක් හැදීමේ මැයි දින රැළියයි මේ ආරම්භ වෙන්නේ.

රාජ්ය සේවකයාගේ වැටුප වැඩි කරලා, පෞද්ගලික අංශයේ සේවකයාගේ මූලික අවම වැටුප රුපියල් 21,000 දක්වා වැඩි කරලා, වතු කම්කරු ජනතාවගේ අවම වැටුප රුපියල් 1700 කරලා දැන් ඉන්නේ. කට්ටිය කෑගැහුවා ණය ප්රතිව්යූහගත කරනකොට සියයට 09යි ඊපීඑෆ් ඊටීඑෆ් එකට හම්බ වෙන්නේ කියා. ඒ සියයට 09ට මෙන්න මංකොල්ල කනවා, ඊපීඑෆ් ඊටීඑෆ් එක කොල්ලකන්න හදනවා කියලා කෑගහපු අයට කණ පැලෙන්න උත්තරයක් විදිහට ඊපීඊෆ් ඊටීඑෆ් එකට සියයට 13ක් ගෙවන්න පෙරේදා තීන්දු අරගෙන තමයි අද රනිල් වික්රමසිංහ මැතිතුමා මේ මැයි මේ මැයි දින රැළිය අමතන්න ඇවිල්ලා ඉන්නේ. ඒක ලේසි පහසු වැඩක් නෙවෙයි. මේ කම්කරුවෝ තමයි හැමදාමත් ජෙප්පොන්ගේ බිස්නස් එක.

කම්කරුවා බිස්නස් එක කරගෙන, රටට සංවර්ධන ව්යාපෘති එනකොට ඒ ව්යාපෘති හැම එකම කඩාකප්පල් කරන්න පිටරටවලින් – කර්මාන්තශාලාවලින් අල්ලස් අරගත්තා මේ අය. ඒ අල්ලස් ගත්තු සල්ලි තමයි ‘එක මිටට’ කියාගෙන හන්දි හන්දි ගාණේ රට වටේම සෙනග එකතු කරලා කම්කරුවෝ මාකට් කරලා ගත්ත සල්ලි. ජෙප්පෝ, එන්පීපීය කැමති නෑ, මාලිමාව කැමති නෑ මේ රට දියුණු වෙනවට. මේ රටේ කම්කරුවා වැඩ්ඩෙක් වෙනවට. මේ රටේ කම්කරුවා ශ්රමිකයෙක් වෙනවට ඔය ජෙප්පෝ කැමති නෑ.

ඒ නිසා තමයි හැමදාමත්ම මේ රටේ ආර්ථික වර්ධනයක් එනකොට, රටේ ආර්ථිකය හදන්න ආයෝජන එනකොට හැම වෙලාවම කකුලෙන් ඇද්දේ. අලුතෙන් කම්කරු ප්රතිපත්තිය එනකොට, රැකී රක්ෂා පනත එනකොට ලබන අවුරුද්දේ නැවත වතාවක් කම්කරුවා මාකට් කරන්න, නැත්නම් විකුණන්න ජෙප්පොන්ට ඉඩ හම්බ වෙන්නේ නැති නිසා තමයි අද ජෙප්පො කලබල වෙලා තියෙන්නේ.

අපි කියනවා රනිල් වික්රමසිංහ ජනාධිපතිතුමා මේ රටේ තීරණාත්මක පරිවර්තනීය වෙනස මේ මාස කීපයට විතරක් නෙවෙයි, ඉදිරි 2048ට කලින්ම කරනවා. මේ රට අවුරුදු 74කදී හිඟමනට දාලා කියලා හැම වෙලාවෙම 225ට චෝදනා කර කර ඉන්න ජෙප්පෝ ඒ අවුරුදු 74 තුළ රට ආපස්සට ගෙනියන්න කළ විනාශය රට දියුණු කරන්න හදපු හැම වෙලාවකදීම කකුලෙන් ඇදපුවා, පාර්ලිමේන්තුව ගිනි තියන තැනට ඇවිල්ලා, මේ රටේ ප්රජාතන්ත්රවාදය නැති කරලා තමන් අතට බලය ගන්න හදපු අවස්ථාව රනිල් වික්රමසිංහ මැතිතුමා නැති කළා.

අරගලයට අරගලයෙන් උත්තර දුන්නා. කරපු බොරු අරගලය පැත්තකට දාලා මේ රටේ මිනිසුන්ගේ ජීවන ප්රශ්නය විසඳන සැබෑ අරගලය පටන්ගත්තා. ජීවන අර්බුදය විසඳන අරගලය ජනාධිපතිතුමා අතට ගත්තා. අපි දන්නවා වෙසක් කාලෙ ළඟ එනකොට ඔලුබක්කො නටවනවා බලන්න යන්න ආසයි.

ඒ වගේ රතු පාට ඔළුබක්කෝ තැන් තැන්වල නටවනවා. පියාණෝ ඔලුබක්කෝ නටනවා. ඔලුබක්කෝ නැටෙව්වට හරි තොරණ තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ මේ රනිල් වික්රමසිංහ මැතිතුමා ගාව විතරයි. එතන තමයි රට හදන වැඩපිළිවෙළ තියෙන්නේ. අනිත් හැමෝම කයිවාරුකාරයෝ, විහිළුකාරයෝ ජනතාවට විහිළු සපයන. අද රට ගොඩනගන නායකත්වය ආරම්භ කළේ මේ කයිවාරුකාරයෝ, විහිළු සපයන්නෝ නෙවෙයි.

රනිල් වික්රමසිංහ මැතිතුමා. එතුමා මේ රටේ සැබෑ අරගලය ආරම්භ කළා. අවුරුදු දෙකක් ඇතුළත රටේ ප්රශ්න විසඳුවා විතරක් නෙවෙයි සැබෑ අරගලය, රට දියුණු කරන අරගලය ශ්රමිකයා වැඩ්ඩෙක් කරන, මේ රට දියුණු රටක් කරන අරගලය ආරම්භ කළා. අරගලයට නායකත්වය දීපු, අරගලය ශක්තිමත් කරන අපේ නායකයා, රනිල් වික්රමසිංහ මැතිතුමා නැවත වතාවක් මේ රට දියුණු රටක් කරන්නට යන හෙට දවසේ ගමනේ මංගල වෙඩි මුරයයි අද මැයි දින රැළියත් එක්ක සනිටුහන් කරන්නේ.

රට බේරා ගත්, සැබෑ අරගලයේ, රට දිනවන අරගලයේ නායකයා, ශ්රමිකයා දිනවන නායකයා වන්නේ රනිල් වික්රමසිංහ ජනාධිපතිවරයායි.”

The post රනිල් සමඟ රට දියුණු කරන ගමනේ අලුත් වෙඩි මුරය තබනවා appeared first on ITN News.

You may also like

- adaderana.lk

Indian External Affairs Minister Dr. S. Jaishankar is scheduled to pay an official visit to Sri Lanka on Thursday (20 June).

- adaderana.lk

Diplomats on Wednesday said at least 550 pilgrims died during the hajj, underscoring the gruelling nature of the pilgrimage which again unfolded in scorching temperatures this year.

- colombogazette.com

A Sister City Project has been proposed between the Municipal Council of Colombo in Sri Lanka and the Municipal Council of Rio de Janeiro in Brazil. The Ambassador of Sri Lanka to the Federative Republic of Brazil Sumith Dassanayake had a constructive discussion with the Acting Vice President of the Permanent Committee on International Relations […]

- colombogazette.com

Nimal Siripala de Silva was elected as the Chairman of the Sri Lanka Freedom Party (SLFP) by the group led by former President Chandrika Kumaratunga. Minister Duminda Dissanayake was elected as the SLFP General Secretary. In April the group appointed Nimal Siripala de Silva as the Acting Chairman of the SLFP. The appointment was made […]

- colombogazette.com

Civil society were ordered to leave a press briefing held in Colombo by the All Ceylon Buddhist Congress (ACBC) held in Colombo against alleged moves to recognise transgender. The Centre for Equality and Justice (CEJ) said that a letter was widely circulated regarding a press conference to be held by the All Ceylon Buddhist Congress […]

- colombogazette.com

The Commission to Investigate Allegations of Bribery or Corruption (CIABOC) has launched an investigation into former Health Minister Keheliya Rambukwella. The investigation was launched following a complaint filed against Rambukwella. It was alleged that Rambukwella misused Health Ministry vehicles after resigning from his post. Rambukwella is currently in remand custody over the alleged import o...

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc