නෝර්වේ තානාපතිනිය විපක්ෂ නායක හමුවෙයි
විපක්ෂ නායක සජිත් ප්රේමදාස සමග නෝර්වේජියානු තානාපතිනි May Elin Stener සහ නෝර්වේජියානු තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් Johan Bjerkem අතර හමුවක් අද (03) සිදු වී තිබෙනවා.
මෙහි දී දෙපාර්ශ්වය විසින් පවතින ශ්රී ලංකාවේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.
විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා විසින් මේ වන විට ශ්රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් නෝර්වේජියානු තානාපතිනියව දැනුවත් කරමින් ඉන් අත්මිදීමට සමගි ජන බලවේගයට ඇති සැලසුම් සම්බන්ධයෙන් මෙහිදී පැහැදිලි කර ඇති බවයි සඳහන් වන්නේ.
මේ අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්රේමදාස සමග නිරෝෂන් පෙරේරා සහ පාර්ලිමේන්තු මන්ත්රී කාවින්ද ජයවර්ධන එක්වුණා.
The post නෝර්වේ තානාපතිනිය විපක්ෂ නායක හමුවෙයි appeared first on ITN News.