ගෝඨාභයගේ නිවේදනයෙන් පාස්කු ප්රහාරය ගැන සත්ය කරුණු වසන් කර තිබෙනවා
පාස්කු ප්රහාරයේ පස්වන සැමරුම අවස්තාවේදී තමන් කළ ප්රකාශ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සාවද්ය කරුණු ප්රකාශ කර ඇති බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්රකාශ කරනවා.
පසුගිය අප්රේල් 21 වනදා පැවති පාස්කු ප්රහාරයේ සැමරුම් අවස්ථාවේදී අගරදගුරු හිමිපාණන් මෙම ප්රහාරය පිළිබද විමර්ශන සිදු කෙරෙන ආකාරය මෙන්ම පරික්ෂණ වාර්තා පිළිබද කරුණු ඉදිරිපත් කළා.
ඒ පිළිබද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය 25 වනදා නිවේදනයක් නිකුත් කරමින් අගරදගුරු හිමිපාණන් ප්රකාශ කළ ඇතැම් දෑ සාවද්ය බවයි කියා සිටියේ.
හිටපු ජනාධිපතිවරයාගේ මෙම මාධ්ය නිවේදනය සම්බන්ධයෙන් අගරදගුරු හිමිපාණන් ඊයේ යළි නිවේදනයක් නිකුත් කළා.
පාස්කු ප්රහාරය පිළිබද ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුණු දිනට පසුදින ඒ මහතා තමන් වෙත දුරකතන ඇමතුමක් ලබා දුන් බව අගරදගුරු හිමිපාණන් මෙම නිවේදනයෙන් යළි අවධාරණය කරනවා.
එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවේදනය තුළ සත්ය කරුණු වසන් කිරීමට කටයුතු කර ඇති බවද උන්වහන්සේ පෙන්වා දෙනවා.
එසේම පාස්කු ප්රහාරය සිදුකළ ත්රස්තවාදීන්ට මෙන්ම ඒ අයට විරුද්ධව ක්රියාකාරී නොවූ විවිධ පාර්ශ්වයන් විවේචනය නොකර එතුමන්ට පමණක් දොස් නගන බවට ගෝඨාභය රාජපක්ෂ මහතා කළ චෝදනාව ද සත්යයෙන් තොර බව අගරදගරු හිමිපාණන්ගේ නිවේදනයේ දැක්වෙනවා.
රාජපක්ෂ මහතා කොමිෂන් සභාවේ වාර්තාව මසක් ඇතුළත අපට භාරදීමට ක්රියා කළ බව කියා සිටියද අප වෙත ලැබී ඇත්තේ වාර්තාවේ පළමු වෙළුම පමණක් බවයි අගරදගුරු හිමිපාණන් කියා සිටින්නේ.
The post ගෝඨාභයගේ නිවේදනයෙන් පාස්කු ප්රහාරය ගැන සත්ය කරුණු වසන් කර තිබෙනවා appeared first on ITN News.