“Industry EXPO 2024” ජුනි 19 වනදා සිට 23 වනදා දක්වා

- itnnews.lk

ජාත්යන්තර කර්මාන්ත ප්රදර්ශනය “Industry EXPO 2024” ජුනි 19 වනදා සිට 23 වනදා දක්වා බණ්ඩාරනායක ජාත්යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්රයේ (BMICH) දී පැවැත්වෙන බවත් එහි සමාරම්භක උත්සවය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් ආරම්භ කෙරෙන බවත් කර්මාන්ත සහ සෞඛ්ය අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

තිරසාර හරිත කර්මාන්ත සංස්කෘතියක් ප්රවර්ධනය උදෙසා පළමු ජාත්යන්තර සමුළුව සහ “Industry Green Awards” සම්මාන උළෙල පැවැත්වීමට නියමිත බවයි අමාත්යවරයා සඳහන් කළේ.

කර්මාන්ත සහ සෞඛ්ය අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (06) ජනාධිපති මාධ්ය කේන්ද්රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්යවරයා

ජාත්යන්තර කර්මාන්ත ප්රදර්ශනය “Industry EXPO 2024” ජුනි 19 වනදා සිට 23 වනදා දක්වා බණ්ඩාරනායක ජාත්යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්රයේ (BMICH) දී පැවැත්වෙනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

මෙරට කර්මාන්ත ක්ෂේත්ර 25 ක් නියෝජනය කරමින් ප්රදර්ශන කුටි 1300 කට අධික ප්රමාණයක් මෙම ප්රදර්ශනයට අන්තර්ගත වනවා. නවෝත්පාදන, නව තාක්ෂණය සමඟින් නව කර්මාන්ත රැසක අංගයන් මෙම ප්රදර්ශනයේදී දැක හැකි වන බව ද පැවසිය යුතුයි. නවෝත්පාදන සඳහා වෙනම පරිශ්රයක්ද එහි ඇතුළත් කර තිබෙනවා.

විදේශ කටයුතු අමාත්යංශය, විදේශ තානාපති කාර්යාල, වානිජ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන රැසක සහභාගීත්වයෙන් විදේශීය ගැනුම්කරුවන් විශාල ප්රමාණයක් ප්රදර්ශනය හා එක්වීමට සැලසුම් කර තිබෙනවා.

මෙම ප්රදර්ශනයට සමගාමීව මෙරට තුළ වාහන එකලස් කිරීමේ ආයතන 25කට අධික ප්රමාණයකගේ සහභාගීත්වයෙන් ජාතික රථවාහන පෙරහැරක් (National Vehicle Parade) ජුනි 18 වෙනිදා ගාලු මුවදොර පිටියෙන් ආරම්භ වී BMICH පරිශ්රය දක්වා ගමන් කිරීමට ද නියමිතයි.

එමෙන්ම මෙම ප්රදර්ශනයට සමගාමීව ජුනි 20 සහ 21 දෙදින පුරා BMICH හිදී තිරසාර හරිත කර්මාන්ත සංස්කෘතියක් ප්රවර්ධනය උදෙසා පළමු ජාත්යන්තර සමුළුව ලෙසින් (Green Industry Initiative for Sustainable Industrial Development) තිරසාර හරිත කර්මාන්ත උදෙසා Industry Green Awards සම්මාන උළෙල පැවැත්වීමට ද නියමිතයි.

කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) මඟින් ක්රියාත්මක කරන පාසල් කර්මාන්ත ව්යවසායකත්ව කව, IDB Digital One Stop, Ceylon Plaza, Industry ණය යෝජනා ක්රමය, SEDA Startup, SEDA Scaleup, ඇතුළු බොහෝ වැඩසටහන් රැසක් ප්රදර්ශන දින 05 පුරාවටම ක්රියාත්මක කිරීමට නියමිතයි.

ඒ වගේම මෙම ප්රදර්ශනය සඳහා අමාත්යංශ, රාජ්ය ආයතන සහ පෞද්ගලික ආයතනවල දායකත්වයෙන් හා සහභාගිත්වය සිදුවෙන බව ද සිහිපත් කළ යුතුයි. කර්මාන්ත පිළිබඳව ලෝකයේ යාවත්කාලීන වූ නව දැනුම, නව ව්යාපාරික අවස්ථා, නව ආයෝජකයන් සහ ආයෝජන අවස්ථා හඳුනාගනිමින් නිෂ්පාදන කර්මාන්තයන් ආරම්භ කිරීමට ද මෙය රුකුලක් වනු ඇතියි

The post “Industry EXPO 2024” ජුනි 19 වනදා සිට 23 වනදා දක්වා appeared first on ITN News.

You may also like

- adaderana.lk

President Ranil Wickremesinghe has affirmed that all agreements with international women s organizations mandate that women must have the same rights as men.

- adaderana.lk

The Financial Intelligence Unit (FIU) of Sri Lanka has entered into a Memorandum of Understanding (MOU) with the Commission to Investigate Allegations of Bribery or Corruption (CIABOC) to exchange information relating to investigations and prosecutions of money laundering, bribery or corruption, and other related offences.

- onlanka.com

The Constitutional Council has rejected Sri Lankan President Ranil Wickremesinghe's proposal to extend the term of Attorney General Sanjay Rajaratnam by an additional six months.The post Sri Lankan President’s proposal to extend Attorney General’s term rejected appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

- adaderana.lk

Japan has seen cases of Streptococcal Toxic Shock Syndrome (STSS) surpass 1,000 in 2024, the National Institute of Infectious Diseases (NIID) reported on June 18.

- island.lk

Vishmi Guneratne’s half century and Kavisha Dilhari’s star turn with bat and ball secured a five-wicket win for Sri Lanka in the second ODI against West Indies in Hambantota, and with it a series victory as they went 2-0 up with a game to go. It is Sri Lanka’s first series win against the West […]

- adaderana.lk

The Senior Vice Chairman of the Sri Lanka Freedom Party (SLFP), Prof. Rohana Lakshman Piyadasa claimed that the President has pressured Justice Minister Wijeyadasa Rajapakshe, to resign from the government.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc