අධික උණුසුමෙන් යාපනයේ 4 දෙනෙකු ජීවිතක්ෂයට
අධික රස්නයත් සමග ඇති වූ සංකූලතා නිසා යාපනය ප්රදේශයේ පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බවරෝහලේ විශේෂඥ වෛද්ය පී.නන්දරාජා ප්රකාශ කළා.
පසුගිය දින කිහිපයේ යාපනය දිස්ත්රක්කයේ ඇතැම් ප්රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 දක්වා ඉහළ ගොස් තිබුණා.
ඔවුන් 4 දෙනාම යාපනය ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වූ බවයි ඒ මහතා සඳහන් කළේ.
මියගිය හතරදෙනාම වැඩිහිටියන් වන අතර තවත් වැඩිහිටි පුද්ගලයෙක් දැඩි සත්කාරක ඒකකයේ ප්රතිකාර ලබනවා.
The post අධික උණුසුමෙන් යාපනයේ 4 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.