බල්ලෙක් බේරන්න ගිහින් බස් එකක හැප්පී අයෙක් මරුට
බදුල්ල මහියංගණය ප්රධාන මාර්ගයේ පුවක්ගොඩමුල්ල කයිලගොඩ ප්රදේශයේ අද (10) දහවල් බස් රථයක් හා ත්රිරෝද රථයක් ගැටීමෙන් සිදුවු අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් සිවු දෙනෙකුට බරපතල තුවාල සිදු වී තිබෙනවා.
එම අනතුරින් මියගොස් ඇත්තේ වේල්ලදුරගේ ජෙමිස් නැමැති 79 හැවිරිදි අයෙක්
බදුල්ල සිට මහියංගණය දෙසට ගමන්ගත් ත්රිරෝද රථය මාර්ගය හරහා පනින ලද බල්ලෙකු බේරිමට තැත්කල අවස්ථාවේ සිරිපුර සිට බදුල්ල දක්වා පැමිණෙමින් තිබූ මගී ප්රවාහන බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවද පොලිසිය සඳහන් කළා
අනතුර සිදුවන අවස්ථාවේ දි ත්රිරෝද රථයේ රියදුරු සමග පස් දෙනෙකු ගමන් කර තිබෙනවා.
The post බල්ලෙක් බේරන්න ගිහින් බස් එකක හැප්පී අයෙක් මරුට appeared first on ITN News.