‘ජයගමු ශ්රී ලංකා’ හම්බන්තොට දිස්ත්රික් වැඩසටහන ඇරඹෙයි
රැකියා සදහා විදේශගත වන අය මෙන්ම දැනට විදේශගතව සිටින අය වෙනුවෙන් ක්රියාත්මක ජයගමු ශ්රී ලංකා වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනක් හම්බන්තොට දී ආරම්භ වුණා.
හම්බන්තොට වැඩසටහන ආරම්භ වුණේ අගුණකොළපැලැස්ස බන්ධනාගාර ක්රීඩාංගනයේදීයි.
ඒ අමාත්ය මනූෂ නානායක්කාර සහ රාජ්ය අමාත්ය ජගත් පුෂ්පකුමාර යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙනුයි.
විදෙස්ගත වීමට අපේක්ෂා කරන තරුණ පිරිස් සදහා වෘත්තීය මාර්ගෝපදේශකත්වය සැපයීම මෙහිදී සිදු වනවා. රාජ්ය හා රාජ්ය නොවන ආයතන රැසකම සේවාවන් ජයගමු ශ්රී ලංකා වැඩසටහන තුළින් ලබාගත හැකි වනවා. මෙම වැඩසටහන හෙට දිනයේත් පැවැත්වෙනවා.
The post ‘ජයගමු ශ්රී ලංකා’ හම්බන්තොට දිස්ත්රික් වැඩසටහන ඇරඹෙයි appeared first on ITN News.