පාලමක් කඩා වැටීම නිසා කහවත්ත පල්ලේගම මාර්ගයේ ගමනාගමනය ඇණ හිටී
කහවත්ත පල්ලේගම මාර්ගයේ පාලමක් කඩා වැටීම හේතුවෙන් ගමනා ගමනය ඇණහිට තිබෙනවා.
කහවත්ත දිඹුල්වල / පල්ලේගම මාර්ගයේ හත්ඇල්ල දොළ හරහා ඉදිකළ කුඩා පාලම මතින් ජේ සි බී රථයක් ගමන් කිරීමේ දී පාලම කඩා වැටී තිබෙනවා.
පසුගිය දිනවල ඇද හැලුනු අධික වර්ෂාවත් සමග පාලම ගිලා බැසීමට ලක්වු තිබු බවයි ප්රදේශවාසීන් පවසන්නේ.
කහවත්ත සිට දිඹුල්වල පල්ලේගම සදහා පිවිසෙන ප්රධාන මාර්ගය මෙය වන අතර වසර ගණනාවක් තිස්සේ මෙම පාලම අබලන් තත්ත්වයේ පසුවු බව ප්රදේශවාසීන් පවසනවා.
මේ හේතුවෙන් ගමනා ගමනයට ද බාධා එල්ල වී ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.
The post පාලමක් කඩා වැටීම නිසා කහවත්ත පල්ලේගම මාර්ගයේ ගමනාගමනය ඇණ හිටී appeared first on ITN News.