ත්රිකුණාමලය දිස්ත්රික් මහ රෝහලට හෘද ප්රතිකාර සඳහා Cath Lab අංශයක්

- itnnews.lk

ත්රිකුණාමලය දිස්ත්රික්කයේ පිහිටි රජයේ රෝහල් වල පවතින අඩුපාඩු සොයාබලා ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණෙන් සෞඛ්ය අමාත්යාංශයේ ලේකම් විශේෂඥ වෛද්ය පාලිත මහතා ඇතුළු එම අමාත්යාංශයේ නිළධාරීන් කණ්ඩායමක්  විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර සෞඛ්ය හා කර්මාන්ත අමාත්ය  වෛද්ය රමේෂ් පතිරණ මහතා ලබාදී ඇති උපදෙස් පරිදි එය සිවෙී තිබෙනවා.

මෙම නිරීක්ෂණ චාරිකාවේදි පළමුවෙන්ම ත්රිකුණාමලය දිස්ත්රික් මහ රෝහල නිරීක්ෂණයට ලක් කරන ලද අතර එම රෝහලේ වාට්ටු, ශල්යාගාර, දැඩි සත්කාර ඒකකය, හදිසි ප්රතිකාර ඒකකය, හදිසි අනතුරු ඒකකය, සි.ටී ස්කෑන් අංශය, රක්තවේද සායනය, රසායනාගාරය, විකලාංග ශල්ය වෛද්ය ඒකකය, හෘද රෝග ප්රතිකාර අංශය ඇතුළු ඒකක නිරීක්ෂණය කර තිබුණා.

රෝහල නිරීක්ෂණයෙන් අනතුරුව රෝහල් කාර්යමණ්ඩලය සමඟ විශේෂ සාකච්ඡාවකද ලේකම්වරයා ඇතුළු නිළධාරීන් කණ්ඩායම නිරත වුණා.

එහිදී ත්රිකුණාමල දිස්ත්රික් මහ රෝහලේ නඩත්තු කටයුතු සඳහා රුපියල් මිලියන 70ක  මුදල් ප්රතිපාදන ද, රෝහලට අවශ්ය වෛද්ය උපකරණ ලබාගැනීම සඳහා රුපියල් මිලියන 75ක  මුදල් ප්රතිපාදන සහ වෛද්ය නිල නිවාස අලුත්වැඩියාව සඳහා රුපියල් මිලියන 50ක මුදල් ප්රතිපාදන ද ලබාදීමට සෞඛ්ය ලේකම්වරයා මෙහිදි නිළධාරීන්ට උපදෙස් ලබාදෙන ලද අතර රෝහලට අවශ්ය හිඟ කාර්යමණ්ඩලය පියවීම සඳහා ඉදිරියේදි සෞඛ්ය සේවාවට බඳවා ගන්නා කාර්යමණ්ඩල වලින් යම්කිසි ප්රමාණයක් රෝහල අනුයුක්ත කිරීමට පියවර ගන්නා මෙන් උපදෙස් ලබා දී තිබෙනවා.

එමෙන්ම JAICA වයාපෘතිය හරහා රුපියල් මිලියන 1000ක වටිනාකමකින් යුත් හෘද රෝග ප්රතිකාර සඳහා භාවිතා කරන Cath Lab (කැත් ලැබ්) අංශයක් සහිත සය මහල් ගොඩනැගිල්ලක් දිස්ත්රික් මහ රෝහල තුළ ස්ථාපිත කිරීමට පියවර ගන්නා බවත් එහි මූලික වැඩකටයුතු කඩිනමින් ආරම්භ කර ඉදිකිරීම් කඩිනම් කරන ලෙසද සෞඛ්ය ලේකම්වරයා රෝහල් අධ්යක්ෂිකා වෛද්ය දිල්කා සරණසිරි මහත්මියට මෙහිදී උපදෙස් ලබා දී ඇත.

රුපියල් මිලියන 50කට අධික වටිනාකමකින් පදවි ශ්රීපුර ප්රාදේශිය රෝහලේ ඉදි කරන ලද බාහිර රෝගී අංශ ගොඩනැගිල්ල විවෘත කිරීමද ඊයේ දින සිදුවිය.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දීල් තොණ්ඩමන්, ත්රිකුණාමලය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී කපිල අතුකෝරල යන මහත්වරුන්ද එම අවස්ථාවට එක්ව සිටියා.

මේ සඳහා මුදල් ප්රතිපාදන ප්රාථමික සෞඛ්ය සවිබල ගැන්වීමේ ව්යාපෘතිය විසින් ලබාදී තිබෙනවා.

කන්තලේ මූලික රෝහල විශේෂ නිරීක්ෂණයට ලක් කරමින් එම රෝහලේ අලුත්වැඩියා කටයුතු සිදු කිරීම සඳහා රුපියල් මිලියන 40ක මුදල් ප්රතිපාදන ද, රෝහලට අවශ්ය වෛද්ය උපකරණ ලබාගැනීම සඳහා රුපියල් මිලියන 30ක මුදල් ප්රතිපාදන ද ලබාදීමට පියවර ගන්නා ලදී.

එම මුදල් කඩිනමින් රෝහලට ලබාදීමට කටයුතු කරන මෙන් අදාළ නිළධාරීන් සෞඛ්ය ලේකම්වරයා මෙහිදී උපදෙස් ලබාදුන් අතර රෝහල් කාර්යමණ්ඩලයේ හිඟය පියවීමට ඉදිරියේදි බඳවා ගන්නා කාර්යමණ්ඩල වලින් අවශ්යතාවය මත යම්කිසි පිරිසක් අනුයුක්ත කිරීමට කටයුතු කරන මෙන් උපදෙස් ලබාදී තිබෙනවා.

මෙම රෝහල් නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව ත්රිකුණාමල දිස්ත්රික්කය තුළ පිහිටි සියලුම රජයේ රෝහල් වල පවතින තත්වය හා එම රෝහල් සංවර්ධනය සඳහා ගතයුතු ක්රියාමාර්ග වෙනුවෙන් විශේෂ සාකච්ඡාවක්ද ත්රිකුණාමලය ප්රාදේශිය සෞඛ්ය සේවා අධ්යක්ෂ කාර්යාල ශ්රවණාගාරයේදී පැවැත්විනි.

ත්රිකුණාමලය දිස්ත්රික්කය තුළ ලක්ෂ 5 කට ආසන්න ජනගහණයක් ජීවත්වන අතර එම ජනතාවට එක් මහ රෝහලකින් , මූළික රෝහල් හතරකින් , දිසා රෝහල් 14 කින්, ප්රාදේශීය රෝහල් 17 කින් , ප්රාථමික වෛද්ය සත්කාර ඒකක 12 කින් සුව සේවාව සපයනු ලබනවා.

මෙම අවස්ථාවට සෞඛ්ය අමාත්යාංශයේ අතිරේක ලේකම් (ඉංජිනේරු) සාලින්ද බණ්ඩාර, නියෝජ්ය අධ්යක්ෂ ජනරාල් වරුන් වන විශේෂඥ වෛද්ය එස්, ශ්රීධරන්, දිනිප්රිය හේරත්, ජනප්රිය කරුණාතිලක, අධ්යක්ෂවරුන් වන වෛද්ය ප්රියන්ත කරුණාරත්න, වෛද්ය ප්රියන්ත අතපත්තු, ත්රිකුණාමල දිස්ත්රික් සෞඛ්ය සේවා අධ්යක්ෂ වෛද්ය චන්දන කැදන්ගමුව යන මහත්වරුන්ද, රෝහල් අධ්යක්ෂවරුන්, විශේෂඥ වෛද්යවරුන්, වෛද්යවරුන්, හෙද හෙදියන් ඇතුළු සෞඛ්ය කාර්යමණ්ඩලයේ පිරිසක්ද සහභාගී  වී සිටියා.

The post ත්රිකුණාමලය දිස්ත්රික් මහ රෝහලට හෘද ප්රතිකාර සඳහා Cath Lab අංශයක් appeared first on ITN News.

You may also like

- island.lk

SLPP’s call for early general election discarded by Shamindra Ferdinando President Ranil Wickremesinghe has concluded talks with the Sri Lanka Podujana Peramuna (SLPP) regarding the possibility of advancing parliamentary polls, ahead of the Presidential Election. The Presidential Poll is constitutionally scheduled to be held in Sept/Oct this year whereas the current Parliament can continue t...

- island.lk

By Saman Indrajith JVP/NPP leader Anura Kumara Dissanayake yesterday warned Parliament of the danger of public administration collapsing owing to ongoing trade union action by the Grama Niladharis (GNs). Making a special statement, Dissanayake said that the GNs countrywide had resorted to trade union action over several issues including salary anomalies. They recently had a […]

- island.lk

The government presented the Economic Transformation Bill and the Public Financial Management Bill to Parliament yesterday (22). Chief Government Whip Minister Prasanna Ranatunga presented the two Bills to the House. According to the governemnt, the Bills seek to ensure Sri Lanka will not face an economic crisis once again by introducing several laws and regulations […]

- island.lk

Vice Chairperson and Secretary General of South Korea’s Anti-Corruption and Civil Rights Commission (ACRC) Chung Seung-yun has offered to introduce the South Korean anti-corruption system here to help Sri Lanka to tackle the problem. According to a statement issued by the Parliament, the offer was made on Tuesday (21) when a delegation led by Chung […]

- island.lk

SJB Kegalle District MP Kabir Hashim told Parliament yesterday that the government was trying to sell the historical Dawson Bungalow at Balana Road, Kadugannawa. The Bungalow was used by Captain William Francis Dawson, who commenced the construction of the Kandy-Colombo Road during British rule in 1820 and died during the project. Currently, the Bungalow is […]

- island.lk

By Saman Indrajith Chief Opposition Whip Kandy District SJB MP Lakshman Kiriella told Parliament yesterday that laws were being implemented only against those critical of the government, while those supporting the regime were free to go on breaking rulesl. “The President recently, while declaring open a court complex at Theldeniya, boasted that he had introduced […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc