ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ නව පරිපාලන හා අධ්යයන ගොඩනැගිල්ල හෙට විවෘත කෙරේ
අතුරුගිරිය ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ නව අධ්යයන හා පරිපාලන ගොඩනැගිල්ල ගොඩනැගිල්ල හෙට දින (14) ජනාධිපති රනිල් වික්රමසිංහ මැතිතුමන් අතින් විවෘත කිරීමට නියමිතය.
එම අවස්ථාවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතා ඇතුළු මැති ඇමැතිවරු රැසක් සහභාගි වීමට නියමිතය.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්යාංශය යටතේ ඇති මෙම ආයතනයේ අධ්යයන කටයුතු සඳහා මුලිකත්වය ලබා දෙමින් ඉදි කළ ගොඩනැගිල්ල විවෘත කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතා විසින් ගරු ජනාධිපතිතුමන්ට ආරාධනා කර ඇත.
මෙම ගොඩනැගිල්ල ඉදි කිරීමට වැය කර තිබෙන රුපියල් මිලියන 550කි. තවත් රුපියල් මිලියන 200ක මුදලක් ඊට අවශ්ය ගෘහභාණ්ඩ සඳහා වැය කෙරේ.
වැවිලි කර්මාන්තය හා සම්බන්ධව අධ්යාපන අවස්ථා පුළුල් කරන විශ්ව විද්යාල අධ්යයන ආයතනයක් දක්වා මෙම ආයතනය පුළුල් කිරීමට නියමිත අතර මේ සම්බන්ධව විශ්ව විද්යාල ප්රතිපාදන කොමිසන් සභාව සමග සාකච්ඡා කර ඊට අවශ්ය පියවර ගන්නා බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතා පවසයි.
ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ දැනට ඇති සියලු පහසුකම් සමග මෙම ආයතනය විශ්ව විද්යාල අධ්යයන ආයතනයක් වශයෙන් සංවර්ධනය කිරීමට පියවර ගන්නා ලෙස අමාත්යවරයා එම ආයතනයේ පාලන අධිකාරියට උපදෙස් දුන්නේය.
පසුගිය සිකුරාදා (11) අමාත්යවරයා එම පරිශ්රය නිරීක්ෂණය කරනු ලැබීය.
The post ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ නව පරිපාලන හා අධ්යයන ගොඩනැගිල්ල හෙට විවෘත කෙරේ appeared first on ITN News.