නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
නීති විරෝධිව මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා.
වාලච්චේන නාවල්අඩි ප්රදේශයේ දී දුම්වැටි අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 30ක පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා.
වාලච්චේන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
ගිණිඅවියක් ළඟ තබා ගනිමින් අපරාධයක් සඳහා සූදානම් වු පුද්ගලයෙකු තිස්සමහාරාම ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විදේශයක නිෂ්පාදන කළ බෝර 12 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි අවියක් ඔහු ළඟ තබා ගෙන තිබෙනවා.
වයස අවුරුදු 35ක් වන මොහු සම්බන්ධයෙන් වීරවිල පොලිසිය පරීක්ෂණ සිදුකරනවා.
The post නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට appeared first on ITN News.