තායිලන්ත තානාපති සහ අගමැති අතර හමුවක්
මෙවර වෙසක් පුර පසලොස්වක පොහොය දිනයේ දී තායිලන්ත බෞද්ධ නියෝජිතයන් විශාල පිරිසකට තාවකාලික පැවිද්ද ලබාදීමත් සමග දෙරට අතර සබඳතා තවදුරටත් වර්ධනය වන බව අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.
තායිලන්ත තානාපති පයිටූන් මහපන්නපොන් මහතා සමග අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ පිළිබදව කියා සිටියා.
මෙහිදි තායිලන්ත අග්රාමාත්යවරයාට සහ නව විදේශ අමාත්යවරයාට ද දිනේෂ් ගුණවර්ධන මහතා සිය සුබාසිංශන පළ කළා.
නව නිදහස් වෙළද ගිවිසුම මගින් දෙරට අතර ආර්ථික සබදතා වර්ධනය කර ගැනීමට හැකිවෙනු ඇතැයි තායිලන්ත තානාපතිවරයා මෙහිදි පෙන්වා දුන්නා .
ධීවර ක්ෂේත්රයේ නව හවුල් ව්යාපාර පිළිබද සොයා බැලීම සදහා තායිලන්තයේ ආයෝජකයන් පිරිසක් පසුගිය සතියේ මෙරටට පැමිණි බවත් පුනර්ජනනීය බලශක්ති ව්යාපෘති සදහා ඇති හැකියාව පිළිබද සාකච්ඡා කිරීමට තවත් පිරිසක් ලබන සතියේ පැමිණෙන බවත් තායිලන්ත තානාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.
අදාළ කණ්ඩායම් විදුලිය නිපදවීම සදහා සූර්ය පැනල සවිකිරීමේ හැකියාව සොයා බැලීමට දැදුරු ඔය සහ යාන් ඔය ජලාශ නැරඹීමට ද නියමිතයි.
The post තායිලන්ත තානාපති සහ අගමැති අතර හමුවක් appeared first on ITN News.