ඉරාන ජනපති රැගත් හෙලිකොප්ටර් යානය රළු ගොඩබෑමකට ලක්වේ - ඉරාන රාජ්ය මාධ්ය
ඉරාන ජනාධිපති ඊබ්රහිම් රයිසි ඇතුළු පිරිසක් රැගෙන පියාසර කළ හෙලිකොප්ටර් යානා ත්රිත්වයකට අයත් යානයක් රළු ගොඩබෑමකට ලක් ව ඇති බව එරට රාජ්ය මාධ්ය වාර්තා කරයි.එලෙස ගොඩ බෑමට ලක්වූ හෙලිකොප්ටර් යානයේ ඉරාන ජනාධිපතිවරයා, විදේශ අමාත්යවරයා ඇතුළු පිරිසක් සිට ඇති අතර ඔවුන් පිළිබඳ මෙතෙක් නිශ්චිත තොරතුරක් නැතැයි, එරට රාජ්ය මාධ්ය සඳහන් කළේය.