හෙලිකොප්ටරය අනතුරෙන් ඉරාන ජනාධිපති සහ විදේශ ඇමති මරුට
හෙලිකොප්ටරය අනතුරෙන් ඉරාන ජනාධිපති ඊබ්රහිම් රයිසි මියගොස් ඇති බව එරට රාජ්ය මාධ්ය උපුටා දක්වමින් BBC පුවත් සේවය වාර්තා කරනවා.
ඒ අනුව එම හෙලිකොප්ටර් යානයේ ගමන්ගත් එරට විදේශ අමාත්යවරයාද මියගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.
ඊයේ සන්ධ්යාවේ අනතුරට ලක්වු ඉරාන ජනපති ඊබ්රහීම් රයිසි සහ එරට විදේශ අමාත්යවරයා ඇතුලු 9 දෙනෙකු රැගත් හෙලිකොප්ටර් යානයේ සුන්බුන් හමුවු බව ඉරාන රාජ්ය මාධ්ය නිවේදනය කළා.
ඉරාන, අසර්බයිජාන් දේශසීමාවේ ඉදිකළ වේල්ලක් විවෘත කිරීමට සහභාගී වු ඉරාන ජනාධිපතිවරයා ආපසු ඉරානය බලා පැමිණෙමින් සිටියදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.
The post හෙලිකොප්ටරය අනතුරෙන් ඉරාන ජනාධිපති සහ විදේශ ඇමති මරුට appeared first on ITN News.