රටේ අනාගතය පවතින්නේ ළමා පරපුර මතයි – පූජ්ය කිරින්දේ අස්සජි හිමි

- itnnews.lk

වත්මන් පරපුර තුළ සතිමත්බව ඇති කිරීම අරමුණු කර ගනිමින් “බුද්ධ රශ්මි” ජාතික වෙසක් මංගල්යයට සමගාමීව ජනාධිපති කාර්යාලය, අග්රාමාත්ය කාර්යාලය සහ අධ්යාපන අමාත්යාංශය එක්ව සංවිධානය කළ සතිමත් බව පිළිබඳ වැඩසටහනක් අද (20) පෙරවරුවේ කොළඹ නිදහස් චතුරශ්රයේ දී පැවැත්වී තිබෙනවා.

ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්ය කිරින්දේ අස්සජි හිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ මගපෙන්වීමෙන් සංවිධානය කර තිබූ මෙම වැඩසටහනට කොළඹ දිස්ත්රික්කයේ පාසල් දරුවන්, විශ්වවිද්යාල, ජාත්යන්තර පාසල්, තාක්ෂණ විද්යාල නියෝජනය කරමින් 500 ක පමණ පිරිසක් එක්ව සිටියා

පූජ්ය මීතිරිගල ආරණ්ය සේනාසනවාසී පූජ්ය හෝමාගම ධම්මකුසල හිමිපාණන් වහන්සේ විසින් මෙම වැඩසටහනේදී “සතිමත්බව” වැඩීම පිළිබඳ සිසුන් ප්රායෝගික අභ්යාසයන්හි පුහුණු කිරීම සිදු කෙරුණා.

මෙහිදී විශේෂ අනුශාසනාවක් සිදු කළ ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්ය කිරින්දේ අස්සජි හිමිපාණන් වහන්සේ පෙන්වා දුන්නේ රටේ අනාගතය පවතින්නේ ළමා පරපුර මත වන අතර දරුවන්ගේ හැදියාව, ශික්ෂණය, කුසලතාව හා හැකියාව මත රටේ ඉදිරි ගමන තීරණය වන බවයි.

විනය ගරුක, දක්ෂ ළමා පරපුරක් ඇති කිරීම වෙනුවෙන් සතිමත් බව පිහිටුවීමේ වැඩසටහන බෙහෙවින් වැදගත් වනු ඇති බව පෙන්වා දුන් උන්වහන්සේ එය සංවිධානය කළ සියලුදෙනා වෙත සිය ස්තූතිය පිරිනැමීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පූජ්ය කිරින්දේ අස්සජි හිමි,

2002 වසරේදී ඇමෙරිකාවේ වොෂින්ටන් හි ජෝර්ජ් ටවුන් විශ්වවිද්යාලයේ Religious diversity in United States නමින් ආගමික විවිධත්වය පිළිබඳ වැඩටහනක් පැවැත්වුණා. ලොව පුරා විවිධ ආගම් නියෝජනය කරමින් උගතුන් විශාල පිරිසක් ඊට සහභාගි වුණා. එහිදී එක විද්වතෙක් මෙසේ සඳහන් කරනවා.

“තව දශක කිහිපයකින් ලෝකයේ අනාගතය වෙනමම මානයකට ගමන් කරනවා ඇතියි. ලෝකයේ ජනගහනය වැඩිවීම ස්වභාවිකයි. ඊට සමානුපාතිකව ලෝකයේ පවතින සම්පත් වැඩි වන්නේ නැහැ. ඒවා ක්රම ක්රමයෙන් අඩු වෙනවා. එම සීමිත සම්පත් අසීමිත ජනගහනය අතර බෙදී යාම පිළිබඳව විශාල උනන්දුවක් තිබෙනවා. ඊට සුදුස්සන් බවට පත් වීමට ඔවුන් විශාල වෙහෙසක් දරනවා. එහි ප්රතිඵලය වන්නේ විශාල තරගකාරීත්වයක් ඇති වීමයි. තරගය වැඩි වන විට මිනිසුන්ගේ ක්රියාකාරීත්වය වෙනත් මගක් ගන්නවා. උනුන් පරයා නැඟී සිටීමට දරන මේ ව්යායාමයත් සමඟ අපට හිමිවන දේට වැඩිය අහිමි වන දේ වැඩියි. මුලින්ම අහිමි වන්නේ මනුෂ්යත්වයයි. මනුස්සකම නොමැති සමාජයකට මොන දේ තිබුණත් වැඩක් නැහැ. මේ තරගකාරීත්වය තුළ මිනිසුන් යන්ත්ර බවට පත් වීම වැළැක්විය නොහැකියි. ඒතුළ නිදහස අහිමි වීමෙන් ආතතියට ලක් වෙනවා. මානසික පීඩාවට ලක්වෙනවා. ඒ තත්ත්වට පත් වූ විට ප්රීතියට පත් වීමට මිනිසුන් යමක් තෝරා ගන්නවා. ඒ තමයි සතිමත් බව.

ඔහු සඳහන් කළ එම සතිමත් බව බුදු රජාණන් වහන්සේගේ දේශනාවේ කොටසක් වෙනවා. සතිමත්බවින් අපට මානසික හා කායික සුවතාව ගොඩනඟා ගත හැකියි. ප්රීතියට පත් විය හැකියි. නමුත් ඉන් ඔබ්බට ගිය බෞද්ධයන් ලෙස ආධ්යාත්ම විමුක්තිය වන නිවන කරා යාමට සම්මා සතිය වඩා ගත හැකියි. අද මේ වැඩසටහනින් රටේ අනාගතය බාර ගන්නා මේ දරුවන්ට කියා දෙන්නේ ඒ පිළිබඳවයි. මේ පුහුණුව ජීවිතයේ අභ්යාසයක් ලෙස පුහුණු කිරීමෙන් ඔබ ලබන ප්රතිලාභ රටේ අනාගතයටත් බලපාන බව කිවයුතුයි.

නාරාහේන්පිට අභයාරාමාධිපති, කොළඹ විශ්වවිද්යාලයේ කුලපති පූජ්ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ප්රමුඛ මහා සංඝරත්නය ද, බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්යාංශයේ ලේකම් සෝමරත්න විදාන පතිරණ, ජනාධිපති කාර්යාලයේ අතිරේක ලේකම් කමල් පුෂ්පකුමාර යන මහත්වරු ඇතුළු නිලධාරිහූ මෙම අවස්ථාවට එක්ව සිටිය.

The post රටේ අනාගතය පවතින්නේ ළමා පරපුර මතයි – පූජ්ය කිරින්දේ අස්සජි හිමි appeared first on ITN News.

You may also like

- onlanka.com

According to the Public Health Inspectors' Union of Sri Lanka, 18,207 dansals have been registered across the country for the occasion of Poson Poya.The post Poson Poya celebrations in Sri Lanka see over 18,000 registered Dansals appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

- onlanka.com

In a significant diplomatic exchange, President Ranil Wickremesinghe and Indian External Affairs Minister Dr. S. Jaishankar led bilateral discussions at the President’s House on Thursday (June 20).The post India and Sri Lanka discuss ways to improve energy connections appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

- newswire.lk

Bodyline (Pvt.) Ltd., a subsidiary of MAS Holdings, will serve as the official clothing partner for the Sri Lanka AthleticsContinue ReadingThe post MAS announced as official clothing partner for Sri Lanka Athletics appeared first on Newswire.

- island.lk

Adam Zampa led the charge through Bangladesh’s middle overs, before Pat Cummins claimed a hat-trick at the death as Australia made a commanding start to the Super Eight. Outside of a 58-run second-wicket stand between Litton Das and Najimul Hossain Shanto,  Bangladesh were unable to string together any dominant periods with the bat. The result […]

- island.lk

For decades, Hong Kong’s Cathay Pacific Airways (CPA) stood as a proud symbol of the city’s international status and an exemplar of Asian aviation. These days, the flagship carrier is treated more like the Chinese-ruled financial hub’s bete noire, regularly receiving severe scrutiny and criticism from its own government as it struggles to recover from […]

- adaderana.lk

The Minister of External Affairs of India Dr. S. Jaishankar while concluding his official visit to Sri Lanka on Thursday (20) said that India will always be a reliable friend and a dependable partner for Sri Lanka.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc